
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරමින්, රසායනාගාර තත්ත්වයන් යටතේ සම්පූර්ණයෙන්ම සක්‍රිය විය හැකි සහ ස්වයංව ප්රතිපිටපත් සෑදීමේ හැකියාව සහිත සම්පූර්ණයෙන්ම අලුත් වෛරස් විශේෂ සාර්ථකව නිර්මාණය කර තිබේ.
වෛරස්, බැක්ටීරියා, ශාක සහ මිනිස් ජානමය අනුක්‍රම ඇසුරින් පුහුණු කරන ලද AI ආකෘති යොදා ගනිමින්, පර්යේෂක කණ්ඩායම විසින් නව ‘බැක්ටීරියෝෆේජ්’ (බැක්ටීරියා ආසාදනය කරන නමුත් මිනිසුන්ට හානියක් නොමැති වෛරස්) 16ක් මෙලෙස නිර්මාණය කර ඇත.
මෙම පර්යේෂණ සොයාගැනීම් පිළිබඳ වාර්තාව ‘සයන්ස්’ සඟරාවේ පළ කර තිබේ.
ප්‍රතිජීවක සඳහා ඔරොත්තු දෙන බැක්ටීරියා ආසාදන සඳහා ‘ෆේජ් ප්‍රතිකාර’ මඟින් නව ඖෂධ සහ අලුත් ප්‍රතිකර්ම කඩිනමින් සොයා ගැනීමට මෙම තාක්ෂණය මඟපාදන බවත්, මෙය කෘත්‍රිම ජෛව විද්‍යා (synthetic biology) ක්ෂේත්රයේ විශාල ඉදිරි පිම්මක් බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.
කෙසේවෙතත් මෙම තාක්ෂණය ජෛව ආරක්ෂණය පිළිබඳ බරපතළ ගැටලු සහ අභියෝග මතුකිරීමට හේතුවන බවට ක්ෂේත්රයේ විශේෂඥයන් අනතුරු අඟවා ඇත.
නිසි ආරක්ෂිත පියවරයන් නොගතහොත්, අනාගතයේදී මෙම තාක්ෂණය අයහපත් ලෙස භාවිත කරමින් හානිකර වෛරස් නිර්මාණය කිරීමේ අවදානමක් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
අවදානම් අවම කිරීම සඳහා මිනිසුන්ට ආසාදනය විය හැකි වෛරස් පිළිබඳ දත්ත AI ආකෘතිය පුහුණු කිරීම සඳහා යොදා නොගැනීමට පර්යේෂකයන් වගබලාගෙන ඇති අතර, සමස්ත පර්යේෂණ කටයුතු අතිශය ආරක්ෂිත රසායනාගාර පරිශ්‍රයක් තුළ සිදු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart