
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියානු නගර ආර්ථික වර්ධනයේ, නවෝත්පාදනයේ සහ ජනතාවට ජීවත්වීමට සුදුසු උසස් පරිසරයක කේන්ද්‍රස්ථාන බවට පත්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන නාගරික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනයෑම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක ණය මුදලක් අනුමත කර ඇත.
මෙම ‘නාගරික පරිවර්තන සහ ආයෝජන වැඩසටහන’ හරහා ඉන්දියාවේ ප්රමුඛ ‘නාගරික අභියෝගතා අරමුදල’ සක්‍රියව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නාගරික ආයතන ශක්තිමත් කිරීම, ඒකාබද්ධ ආර්ථික හා භූගෝලීය සැලසුම්කරණය ඉහළ නැංවීම සහ නාගරික පළාත් පාලන ආයතනවල මූල්‍ය ශක්තිය වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර වේ.
මීට අමතරව, මෙම ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ:
ජනතාවට සුරක්ෂිත පරිසරයක්: කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන පරිසර හිතකාමී නාගරික පුනර්ජීවනය, ප්‍රවාහනය මුල්කරගත් සංවර්ධනය සහ පොදු ස්ථාන කළමනාකරණය විධිමත් කිරීම.
වාණිජ ප්‍රාග්ධන ප්‍රවේශය: මහ නගර සභා බැඳුම්කර සහ වෙළඳපල පාදක කරගත් වෙනත් මූල්‍ය ක්‍රමවේද හරහා වාණිජ ප්රාග්ධනය වෙත ඇති ප්‍රවේශය පුළුල් කිරීම.
පාරදෘශ්‍යභාවය, කාර්යක්ෂමතාව සහ දත්ත මත පදනම් වූ තීරණ ගැනීම ප්‍රවර්ධනය කෙරෙන ඩිජිටල් පද්ධති හරහා නාගරික පාලන තන්ත්රය සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීම.
ආසියානු සංවර්ධන බැංකුව (ADB) යනු ඉන්දියාවේ නිවාස හා නාගරික කටයුතු අමාත්‍යාංශයේ විශ්වාසනීය දිගුකාලීන හවුල්කරුවෙකි.
2024 වසරේ සිට, ඉන්දියානු නගර ආර්ථික වර්ධන මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීම, නගර නිර්මාණාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කිරීම සහ ජල සම්පාදනය හා සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීම වෙනුවෙන් සිදුකළ විශ්ලේෂණාත්මක අධ්‍යයනයන් සඳහා ADB සහාය ලබා දී ඇති අතර, නාගරික අභියෝගතා අරමුදල සඳහා මූලික පදනම සකස් වූයේ ද එමගින්ය.
මෙම දැවැන්ත ණය ව්‍යාපෘතියට අමතරව, නිවාස හා නාගරික කටයුතු අමාත්‍යාංශයට නාගරික අභියෝගතා අරමුදල (UCF) සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 3 ක අමතර කාර්මික සහායක් ද ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart