
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව, TM App යෙදවුම තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලී ඇති බවත්, එය පවත්වාගෙන යමින් ප්‍රවර්ධනය කර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
මහ බැංකුව විසින් නිකුත් කරන ලද ප්‍රසිද්ධ නිවේදනයක සඳහන් වන්නේ, ඔවුන් සිදුකළ විමර්ශනයේදී TM App යෙදවුම මෙලෙස තහනම් යෝජනා ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වන බව අනාවරණය වූ බවයි.
ඒ අනුව, බැංකු පනත යටතේ තහනම් කරන ලද ආයතන සහ යෙදවුම් ලැයිස්තුවට මෙම TM App යෙදවුම ද අලුතින් ඇතුළත් කර තිබේ.
මෙලෙස යාවත්කාලීන කරන ලද ලැයිස්තුවට මේ වන විට ආයතන සහ යෙදවුම් 26 ක් ඇතුළත් වේ.
Qnet/Questnet, MTFE, OnmaxDT, Fruugo Oline, Beecoin App, Windex Trading, Smart Win Entrepreneur, Infinity Rover (Pvt) Ltd සහ TM App ඒ අතර වේ.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන මෙවැනි තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් සහ අවධානයෙන් සිටින ලෙස අවධාරණය කරමින් මෙම නිවේදනය මහ බැංකුවේ මුල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart