August 1, 2026

මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව සෙවීම් සහ බේරාගැනීමේ ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් එක් අයෙකුගේ සිරුර සොයාගෙන ඇති අතර, තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

අතුරුදහන්වූවන් සොයාගැනීමට සහ විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා නාවික හා ගුවන් හමුදාව නොකඩවා මෙහෙයුම් සිදුකරමින් පවතියි.

මෙම බේරාගැනීමේ මෙහෙයුමට සහාය වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 (Bell 412) වර්ගයේ හෙලිකොප්ටර් රථයක්ද යොදවා ඇත.

මේ අතර, එම මුහුදු ප්‍රදේශයේ තවත් ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්ව හෝ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති අතර, එම යාත්‍රාවල සිටින පිරිස් බේරාගැනීම සඳහාද මෙහෙයුම් ක්‍රියාත්මක වේ.