
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි සති කිහිපය තුළ නව ‘මෙට්‍රෝ’ බස් රථ රැසක් ධාවනයට එක්කරන බවත්, මෙම වසර අවසන් වීමට පෙර එම බස් සේවාව යාපනය සහ මහනුවර දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
චීනයෙන් සහ තවත් රටවල් කිහිපයකින් මෙට්‍රෝ බස් රථ 121ක් ලබාගෙන ඇති බවත්, ඒවා සේවයට යෙදවීමට පෙර දැනට ලියාපදිංචි කිරීම් ඇතුළු නීතිමය කටයුතු සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“අවශ්‍ය නීතිමය සහ ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු අගෝස්තු අග වන විට මෙම බස් රථ මහජන අයිතියට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා,” යැයි බිමල් රත්නායක පැවසීය.
මෙට්‍රෝ බස් රථ සේවාව සඳහා දැනටමත් නව මාර්ග කිහිපයක් හඳුනාගෙන ඇති අතර, ඒවා ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද ඔහු පෙන්වාදුන්නේය.
ජපානයෙන් තවත් බස් රථ 50ක් මෙම වසර අවසන් වීමට පෙර ලැබීමට නියමිත බවත්, එමගින් මෙට්‍රෝ සේවාව කොළඹින් පිටතට ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබෙන බවත් රත්නායක මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.
“මේ වසර අවසාන වන විට යාපනය සහ මහනුවර යන ප්‍රදේශවලත් මෙට්‍රෝ බස් සේවාව ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා එම දිස්ත්‍රික්ක දෙකෙහිම මෙට්‍රෝ ඩිපෝ ස්ථාපිත කිරීමට සිදුවනවා,” යැයි ඔහු කියා සිටියේය.
පෞද්ගලික වාහන භාවිත කරන පිරිස් පොදු ප්‍රවාහන සේවාවන් වෙත යොමුකරවා ගැනීම, මාර්ග තදබදය, ඉන්ධන පාරිභෝජනය සහ පාරිසරික දූෂණය අවම කිරීමට උපකාරී වන බවත්, එය රජයේ දීර්ඝකාලීන අරමුණ බවත් අමාත්‍යවරයා පැවසීය.
ඉදිරියේදී ධාවනයට එක්වන මෙට්‍රෝ බස් රථවල මගී තොරතුරු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ඇතුළත් වන අතර, 2030 වන විට මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 500කට වඩා වැඩි කිරීමට රජය ඉලක්ක කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart