
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව – මිනුවන්ගොඩ මාර්ගයේ කටාන, බොලාවලන ප්රදේශයේදී යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින් සිදු වූ මාරාන්තික අනතුරින් පසු, අදාළ කන්ටේනර් රථයට ගිනි තබා අලාභහානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පෙරේදා (30) අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව දාගොන්න සහ කිඹුලාපිටිය ප්රදේශවල පදිංචි වයස අවුරුදු 20, 25 සහ 26 යන වයස්වල පසුවන තරුණයන් තිදෙනෙකි.
CCTV දර්ශන පරික්ෂා කිරීමෙන් අනතුරුව මෙම ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් 8 දෙනකු පමණ අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි.
මීගමුව – මිනුවන්ගොඩ මාර්ගයේ 2 සහ 3 කණුව අතර ප්රදේශයේදී මාර්ගය හරහා හරවමින් තිබූ කන්ටේනර් රථයක, මීගමුව දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදි දෙකක් ගැටීමෙන් මෙම අනතුර සිදු විය. අනතුරේ ප්රබලත්වය නිසා යතුරුපැදිකරුවන් දෙදෙනාගේ සිරුරු ද දෙකඩ වී තිබිණි.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මීගමුව දාගොන්න ප්රදේශයේ පදිංචිව සිටි අවුරුදු 18 සහ 20 යන වයස්වල පසුවූ තරුණයන් දෙදෙනෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart