August 1, 2026

“ස්වාමීනි, අද ලැබුණු මෙම තීන්දුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස තිබූ කුමන්ත්‍රණයේ අවසාන ප්‍රතිඵලයයි. මෙම තීන්දුව ගැන සතුටු වන දෙදෙනෙකු සිටිනවා. ඒ මුල සිටම නීතිපති දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කරන ලද නිලන්ත ජයවර්ධන සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි.”

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් තමන්ට මරණ දඬුවම නියම වූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රනාන්දු මෙම ප්‍රකාශය කළේය.