
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලියේදී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජැෆ්නා කින්ග්ස් (Jaffna Kings) කණ්ඩායමේ ඉන්දීය ජාතික හිමිකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේය.
බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම ඇප නියෝගය නිකුත් කෙරිණි.
එහිදී එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් නියම කෙරුණු අතර, සැකකරුවන්ට විදේශගත වීම වහාම ක්රියාත්මක වන පරිදි තහනම් කර ඇත. එසේම සතියේ සෑම සඳුදා දිනකම ක්රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ සැකකරුවන් පෙනීසිටිය යුතුය.
මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ ක්රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන සිටි Jaffna Kings කණ්ඩායමේ හිමිකරු වන ඉන්දියානු ජාතික මංජෝට් කල්රා සහ ඊට අනුබල දුන් බවට චෝදනා ලැබ සිටින යුවරාජ් පුෂ්පා නැමැති සැකකරුවන් දෙදෙනාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart