
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පකිස්තානයේ පිහිටි උසින් මීටර් 8,047ක් වන බ්‍රෝඩ් පීක් කඳුමුදුන තරණය කරමින් සිටියදී බලපෑ හිම කුණාටුවකින් පසු, ලෝක ප්‍රකට නේපාල ජාතික කඳුනගින්නෙකු වන නිර්මාල් පුර්ජා ඇතුළු අතුරුදන්වූ කඳුනගින්නන් පිරිසක් සොයා පකිස්තාන බලධාරීන් විසින් දැවැන්ත සෙවුම් සහ මුදවාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
පකිස්තාන බලධාරීන් පවසන්නේ කරකොරාම් කඳු වැටිය ආශ්‍රිතව සිදුවූ මෙම අනතුරෙන් අතුරුදන් වූ ඇමෙරිකානු ජාතිකයෙකු ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් කඳුනගින්නන් පිරිස සෙවීම සඳහා ගොඩබිම් සහ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදවා ඇති බවයි.
අනතුර සිදුවූ ස්ථානයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මේ වන විට මළ සිරුරු හතරක් සොයාගෙන ඇති නමුත්, එම සිරුරු කාගේද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව පාකිස්ථාන පැවසීය.
එම බලධාරීන්ට අනුව මෙම කණ්ඩායමට නිර්මාල් පුර්ජා සහ ඇමෙරිකානු ජාතික මැලරි ගයිස් ඇතුළත්ව ඕමානය, පකිස්තානය සහ නේපාලය යන රටවල කඳුනගින්නන් අයත් වේ.
හිම කුණාටුවෙන් පසු මෙම කිසිදු කඳුනගින්නෙකුගෙන් මෙතෙක් තොරතුරක් ලැබී නොමැති අතර, අතුරුදන්වූවන් අතුරින් සිව්දෙනෙකු සිටින ස්ථාන GPS තාක්ෂණය ඔස්සේ සටහන්ව ඇති බව පාකිස්ථාන බලධාරීන් පවසයි.
මේ වන විට ප්‍රදේශයේ කාලගුණය යහපත් අතට හැරී ඇති අතර, සති අන්තය පුරාම සෙවුම් මෙහෙයුම් සඳහා සුදුසු පැහැදිලි කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart