
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රිය තුළ පිහිටි භෝජනාගාරයේදී දේශීය බෝතල් කළ පානීය ජලය සඳහා රජය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරමින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති අංක 96 දරන විධානය උල්ලංඝනය කළ දුම්රිය භෝජනාගාර සේවයට අයත් ‘ජයබිම කේටරින්’ ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්රික් විමර්ශන නිලධාරීන් විසින් අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026.07.09 දින අනුරාධපුර ප්රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී, රුපියල් 120/- ක උපරිම සිල්ලර මිලක් පැවති මිලිලීටර් 1000ක බෝතල් කළ පානීය ජල බෝතලයක් රුපියල් 150/-කට පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති බව අනාවරණය කරගෙන තිබේ.
මෙම නඩුව අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ගරු අධිකරණය විසින් විත්තිකරුට රුපියල් 500,000/-ක දඩ මුදලක් නියම කර ඇත.
දුම්රිය භෝජනාගාර තුළ මෙලෙස අධික මිලට භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ද දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම, මෙම ආයතනයට එරෙහිව මීට පෙරද මෙවැනි පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇත.
ඉදිරියේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සහ අදාළ නීතිරීතිවලට අනුකූලව සිය ව්යාපාරික කටයුතු පවත්වාගෙන යන ලෙසත්, නැවත මෙවැනි වැරදි සිදු නොකරන ලෙසත් අදාළ ආයතනයට දැඩි ලෙස අවවාද කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart