
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක ප්‍රකට කඳු නැගීමේ ශූර නිර්මාල් පුර්ජා සහ ටෙක්සාස් ජාතික කාන්තාවක ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, පාකිස්තානයේ බ්‍රෝඩ් පීක් කඳුවැටියේ සිදු වූ හිම කුණාටුවකට හසු වීමෙන් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබඳව හොඳින් දන්නා ප්‍රවීණ ඇමරිකානු කඳු නැගීමේ ශූරයෙකු විදෙස් ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙම කඳුවැටිය මාරාන්තික උගුලක් බවට පත්වීමේ දැඩි අවදානමක් පවතින බවයි.
පාකිස්තාන කඳු නැගීමේ සංගමයට අනුව, කරකෝරම් පර්වත වැටියේ අඩි 26,400ක් උසැති මෙම කඳු මුදුන තරණය කරමින් සිටියදී බ්‍රහස්පතින්දා දහවල් කාලයේදී මෙම කණ්ඩායම එකවරම හදිසි හිම කුණාටුවකට ගොදුරු වී ඇත.
මෙම සංචාරක කණ්ඩායමට නායකත්වය ලබා දී ඇත්තේ සුප්‍රසිද්ධ හිටපු රාජකීය මැරීන් භටයකු වන වන 43 හැවිරිදි නේපාල ජාතික නිර්මාල් පුර්ජා විසිනි. ලොව උසම කඳු මුදුන් 14ම තරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රකට ඔහුගේ විශ්මයජනක කඳු නැගීමේ අත්දැකීම් අසුරෙන් ‘14 Peaks: Nothing is Impossible’ නමැති නෙට්ෆ්ලික්ස් චිත්‍රපටය ද නිර්මාණය විය.
මෙම කණ්ඩායමට අමෙරිකානු, ඕමාන් සහ චීන ජාතිකයෙකු මෙන්ම නේපාල ජාතික කඳු නැගීමේ ශූරයන් පස්දෙනෙකු ද ඇතුළත් විය.
ලොව 12 වන උසම කඳු මුදුන වන මෙම ස්ථානයේ සිටින කණ්ඩායම සමඟ මේ වන තෙක් කිසිදු සන්නිවේදන සබඳතාවක් ගොඩනගා ගැනීමට බලධාරීන්ට හැකි වී නොමැති අතර, ඔවුන් සෙවීමේ සහ මුදාගැනීමේ දැවැන්ත මෙහෙයුමක් මේ වන විට ආරම්භ කර ඇත.
පසුගිය සතියේ බ්‍රෝඩ් පීක් කඳුවැටිය තරණය කළ උස් කඳු නැගීමේ ශූරයෙකු වන 53 හැවිරිදි නේපියර් සැන්ඩ්ෆෝර්ඩ් ෆුලර් විදෙස් ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, මෑතකදී පැවැති අයහපත් කාලගුණික තත්ත්වය මෙවැනි අනතුරකට හේතුවන්නට ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart