
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල් තුන එක්ව සත්කාරකත්වය දරන 2027 ICC පිරිමි එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක නගර 12 සහ නිල සන්නාම සංකේතය ජොහැන්නස්බර්ග් නුවර පැවැති විශේෂ උත්සවයකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරිණි.
වසර 24 කට පසුව අප්‍රිකානු මහද්වීපය වෙත නැවත පැමිණෙන මෙම ලෝක කුසලාන තරගාවලිය සඳහා ලොව ප්‍රමුඛතම කණ්ඩායම් 14 ක් එක්වීමට නියමිතය.
“අප සිටින්නේ අප එකිනෙකා නිසාය” යන අර්ථය ගෙනෙන අප්‍රිකානු ‘උබුන්ටු’ (Ubuntu) දර්ශනය පෙරදැරි කරගනිමින්, එකමුතුකම සහ සහජීවනය තේමා කරගත් ‘කවය විශාල කරන්න’ (Make the circle bigger) යන්න මෙවර තරගාවලියේ නිල තේමාව වී තිබේ.
මෙම තරගාවලිය සඳහා දකුණු අප්‍රිකාවේ නගර අටක්, සිම්බාබ්වේ රාජ්‍යයේ නගර තුනක් සහ නැමීබියාවේ එක් නගරයක් ඇතුළත්ව ක්‍රීඩාංගණ 12 ක් තෝරාගෙන ඇත.
ඒ අනුව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්, ට්ෂ්වානේ (සෙන්චූරියන්), කේප්ටවුන්, ඩර්බන්, ග්බෙබෙහා, බ්ලූම්ෆොන්ටයින්, පාල් සහ කුගොම්පෝ හි ක්‍රීඩාංගණ ද, සිම්බාබ්වේ හි හරාරේ, බුලවායෝ සහ වික්ටෝරියා ෆෝල්ස් හි අලුතින් ඉදිවූ ෆාලේ මොසි-ඕ-තුන්යා අන්තර්ජාතික ක්‍රීඩාංගණය ද, නැමීබියාවේ වින්ඩ්හුක් හි පිහිටි නැමීබියා ක්‍රිකට් ක්‍රීඩාංගණය ද තරග පැවැත්වෙන ස්ථාන ලෙස නම්කර තිබේ.
මෙවර තරගාවලිය සඳහා අදියර තුනකින් සමන්විත නව තරග රටාවක් හඳුන්වා දී ඇති අතර, සමස්ත තරගාවලිය පුරා තරග 57 ක් පැවැත්වේ. එහි පළමු අදියර ලෙස ශ්‍රේණිගත කිරීම්වල පහළින්ම සිටින කණ්ඩායම් තුන අතර ‘සුපර් සීරීස්’ වටයක් පැවැත්වෙන අතර, එහි ජයග්‍රාහකයා ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබයි. දෙවන අදියරේදී කණ්ඩායම් 12 ක් කාණ්ඩ දෙකකට බෙදී තරග වදින අතර, සෑම කාණ්ඩයකම ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් තුන බැගින් සහ සමස්ත කාණ්ඩ දෙකෙන්ම මීළඟට හොඳම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම ඇතුළුව කණ්ඩායම් 7 ක් ‘සුපර් 7’ වටයට තේරී පත්වේ. අවසානයේ සුපර් 7 වටයේ ප්‍රමුඛතාව ගන්නා කණ්ඩායම් හතර අර්ධ අවසාන පූර්ව තරග සඳහා සුදුසුකම් ලබාගැනීමට නියමිතය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart