
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කේරළ වෙරළට ඔබ්බෙන් මුහුදේ ගිලී ගිය ‘MSC Elsa 3’ නෞකාවෙන් මුහුදට එකතු වී වෙරළට ගොඩගැසූ ප්ලාස්ටික් පෙලට් (ප්ලාස්ටික් කැට) බහාලුම් (Containers) 43 කට අධික සංඛ්‍යාවක් මේ වන විට එකතු කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
යාපනය දූපත්වල සිට ගාල්ල දක්වා වූ වෙරළ තීරයට මෙම ප්ලාස්ටික් කැට දිගින් දිගටම ගොඩගසමින් පවතින අතර, මෝසම් කාලගුණයත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර පැවසීය.
මෙම ප්ලාස්ටික් කැට ඉවත් කිරීමේ කටයුතු සඳහා කම්කරුවන් 1,800 ක් පමණ යොදවා ඇති අතර, ඊට අදාළ පිරිවැය අදාළ නැව් සමාගම විසින් දරනු ලබන බවද ඔහු පැවසීය.
මේ අතර, නෞකාව ගිලී යාමෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර පද්ධතියට සිදු වූ හානිය වෙනුවෙන් අය කරගත යුතු වන්දි මුදල තක්සේරු කිරීමට කටයුතු යොදමින් පවතී. ඒ සඳහා පත්කළ විශේෂඥ කමිටුව ඊයේ රැස්වූ බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ලයිබීරියානු කොඩිය යටතේ යාත්‍රා කළ ‘MSC Elsa 3’ නමැති මෙම බහාලුම් ප්‍රවාහන නෞකාව, ඉන්දියාවේ කේරළ වෙරළට නාවික සැතපුම් 38 ක් පමණ ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ජල කාන්දුවකට ලක්වීමෙන් පසු 2025 මැයි 25 වන දින ගිලී ගියේය.
අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ බහාලුම් 643 ක් පටවා තිබිණි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart