
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2008 වසරේ ආරවුලකින් අනතුරුව මුදල් කොල්ලකෑවේ යැයි චෝදනා ලබා සිටි හිටපු පොලිස් නිලධාරින් දෙදෙනකුට හා සිවිල් පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කළේය.
නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.
2008 වසරේ දෙහිවල ප්රදේශයේ අවන්හලකදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මුදල් කොල්ලකෑම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හිටපු පොලිස් නිලධාරින් දෙදෙනකුට සහ සිවිල් පුද්ගලයකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
එම චෝදනාවලට වරදකරු කෙරුණු සිවිල් පුද්ගලයාට බරපතල වැඩ සහිත වසර 05 ක සිරදඬුවමක් විනිසුරුවරයා විසින් නියම කෙරිණි.
එම නඩුවේ චෝදනා ලබා සිටි හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනාට විනිසුරුවරයා විසින් බරපතළ වැඩ සහිත වසර 03 බැගින් වූ සිරදඬුවම් නියම කරනු ලැබිණි.
වරදකරු කෙරුණු විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගන්නා ලෙසත් අධිකරණය නියෝග කළේය.
කෙසේවෙතත් මෙම දඩුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කරන බව විත්තිකරුවන්ගේ නීතිඥවරු දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart