July 30, 2026

මෙරට ඉදිකළ ජේසුස් වහන්සේගේ විශාලතම ප්‍රතිමාව ආශිර්වාද ගැන්වීමේ විශේෂ පූජෝත්සවයක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සීදූව සුපුවන් අරණ පරිශ්‍රයේ නිර්මාණය කර ඇති අඩි 60ක් උසැති මෙම ප්‍රතිමාව, මහජන ගෞරවය හා වන්දනාමානය සඳහා ද මෙහිදී විවෘත කරන ලදී.

සුදු යකඩින් නිමවා ඇති මෙම ප්‍රතිමාවට ආශීර්වාද කර වශයෙන් විවෘත කරනු ලැබුවේ අගරදගුරු හිමිපාණන් විසිනි.

මෙම විශිෂ්ට නිර්මාණය, සුපුවන් අරණ භාරකරු ඩැරල් පියතුමාගේ කලාත්මක සංකල්පයකට අනුව සැලසුම් කර ගොඩනගා ඇත.

මෙම උත්සවය සඳහා පූජ්‍ය පක්ෂයේ සහ බැතිමතුන්ගේ ඉහළ සහභාගීත්වයක් දක්නට ලැබිණි.