July 30, 2026

ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම නිසා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සමගි ජන බලවේගයේ හිටපු හොරණ සංවිධායක චරිත් අබේසිංහ අදාළ ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද දින බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබේ.

පාතාල කල්ලි නායක ‘හරක් කටා’ නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් මිලියන 120ක අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනාවකට අදාළව චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

ජූලි 28 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සැකකරුවන් තිදෙනාටම ඇප නියම කරන ලදී.

හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ අරුණ ශ්‍රී චතුරංග යන අය ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබිණි.

කෙසේ වෙතත් චරිත අබේසිංහට එම ඇප කොන්දේසි ඉටු කිරීමට නොහැකි වූ බැවින් නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදු විය.

පසුව අදාළ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇත.