
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකකරණ (SLS) ලාංඡනය නොමැති යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) නිෂ්පාදනය, ආනයනය, අලෙවිය සහ බෙදාහැරීමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
2015 ජූලි 16 දිනැති අංක 1923/65 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 59 දරන විධානයට අනුව, මෙරට නිෂ්පාදනය කරන හෝ ආනයනය කරනු ලබන සියලුම යතුරුපැදි හිස්වැසුම් සඳහා SLS 517 ප්‍රමිතියට අදාළ SLS ලාංඡනය පැවතීම අනිවාර්ය වේ.
ඊට පටහැනිව SLS ලාංඡනය රහිත හෙල්මට් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී ක්‍රියාවකි.
මෙම නීතිමය ප්‍රතිපාදන මත පිහිටා පසුගිය 2026 ජූලි 27 වන දින දිවයින පුරා විශේෂ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. එහිදී:
– සාර්ථක වැටලීම් 98ක් සිදුකර තිබේ
– SLS ලාංඡනය නොමැති හෙල්මට් 431කට අධික සංඛ්‍යාවක් අධිකාරිය භාරයට ගෙන ඇත
– SLS බලපත්‍රය අලුත් නොකළ කාලසීමාව තුළ නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කරන ලද හෙල්මට් 3,520ක අලෙවිය කර්මාන්ත ශාලා දෙකකදී තහනම් කිරීමට පියවර ගෙන ඇත.
2026 ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළදී ද වැටලීම් ගණනාවක් සිදුකර ඇති අතර, එහිදී නඩු 53ක් ගොනුකර හෙල්මට් 87ක් අධිකාරියේ භාරයට ගෙන තිබේ. ඉන් නඩු 39ක් විභාග කර අවසන් කර ඇති අතර, තවත් නඩු 14ක් සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග පවත්වමින් පවතී.
ඒ අනුව, 2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් SLS ලාංඡනය නොමැති හෙල්මට් සම්බන්ධයෙන් වැටලීම් සහ නීතිමය ක්‍රියාමාර්ග 151ක් සිදුකර ඇති අතර, නීතිවිරෝධී හෙල්මට් 4,038කට අධික ප්‍රමාණයක් අධිකාරිය භාරයට ගැනීම සහ අලෙවිය නතර කිරීම ඇතුළු දැඩි නීතිමය පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම්දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart