July 30, 2026

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුව ලබන ඔක්තෝබර් 29 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ ඇතුළු අනෙකුත් සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි බව අප වාර්තාකරු සඳහන් කළේය.

අධිකරණ කටයුතු අවසානයේ, මෙම සිදුවීමට අදාළව දැනට සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඔක්තෝබර් 29 වැනිදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නාමල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව පවරා ඇත.