
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇසළ පෝය දින පොළොන්නරුව හෙළ කලා ගම්මානය අසල පිහිටි මුණියන්ඩි වැවට වතුර බීමට පැමිණි තිත්මුවකුට හඳුනානොගත් ජාවාරම්කරුවකු විසින් වෙඩි තබා තුවාල සිදුකර ඇති බව මනම්පිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසයි.
ඊයේ (29) දහවල් 12.00ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වේ.
තුවාල ලබා සිටි මුවා දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ වහාම වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ මනම්පිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව තුවාල ලැබූ මුවා බේරාගැනීමට කටයුතු කළ අතර, වැඩිදුර හදිසි ප්‍රතිකාර සඳහා සත්වයා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකය වෙත යොමු කර ඇත.
වනජීවී අඩවි සහකාර ඒ.ඩී. වික්‍රමසිංහ, සිවිල් ආරක්ෂක නිලධාරීන් වන කේ.ඩබ්ලිව්. දයාසේන, වික්‍රමරත්න සහ දිසානායක සහ රියදුරු නවරත්න කරුණාරත්න යන පිරිස මෙම බේරාගැනීමේ මෙහෙයුමට එක්ව සිටියහ.
වෙඩි තැබීම සිදුකළ ජාවාරම්කරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart