
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවුල් ආරවුලක් මුල්කර ගෙන විරෝධය පළකිරීම සඳහා අධිසැර විදුලි රැහැන් කුළුණකට නැගීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වූ පාඩුව වන්දි වශයෙන් ගෙවන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පුද්ගලයකුට නියෝග කර තිබේ.
මෙම සිද්ධිය ජූලි 21 වන දින කඹුරුපිටිය ප්‍රදේශයේදී සිදුව ඇති අතර, අදාළ පුද්ගලයා සිය විරෝධය පළකිරීම සඳහා අධිසැර විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට අයත් කුළුණකට නැග ඇත.
මෙහි ප්‍රතිඵලයක් ලෙස තිහගොඩ, කඹුරුපිටිය, අකුරෙස්ස, මුලටියන, දෙයියන්දර, මාවරල සහ දෙනියාය යන ප්‍රදේශ රැසක විදුලි සැපයුම පැය දෙකකට වැඩි කාලයක් අත්හිටුවීමට සිදුවිය.
පසුව පොලිසිය විසින් එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් ස්ථානයට කැඳවීමෙන් අනතුරුව ඔහු කුළුණෙන් බිමට බැස තිබේ.
එහිදී වහාම අත්අඩංගුවට ගත් ඔහුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2026 ජූලි 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ජූලි 24 වන දින නඩුව කැඳවූ අවස්ථාවේදී, මෙම සිද්ධිය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වූ මූල්‍යමය පාඩුව ගණනය කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කඹුරුපිටිය පොලිසියට නියෝග කළේය.
සැකකරු 2026 ජූලි 28 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
පෙරේදා (28) නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයට දැනුම්දුන්නේ පැය දෙකකට අධික කාලයක් පැවැති විදුලි විසන්ධි වීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් 201,059.90 ක පාඩුවක් සිදුව ඇති බවයි.
නඩු විභාගයේදී සැකකරු වරද පිළිගත් අතර, ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයට වූ පාඩුව සඳහා වන්දි ගෙවන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට නියෝග කළේය.
වැඩිදුර නඩු කටයුතු සඳහා නඩුව 2026 නොවැම්බර් 03 වන දින දක්වා කල් තබන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart