
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මුදාහරින ලද වීඩියෝ පටයක් ෆේස්බුක් ගිණුමෙන් කෙටි වේලාවකට ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ, ඒ පිළිබඳ කරුණු විමසීම සඳහා මෙටා (Meta) සමාගමේ මහජන ප්‍රතිපත්ති ප්‍රධානියා කැඳවීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කාන්දු වූ විභාග ප්‍රශ්න පත්රවලට එරෙහිව ‘කොක්රෝච් ජනතා පක්ෂය’ විසින් පවත්වන ලද විරෝධතාව උච්ඡතම අවස්ථාවට පැමිණ තිබූ පසුගිය සතියේ අග්‍රාමාත්‍යවරයා විසින් මෙම වීඩියෝව අන්තර්ජාලයට එක්කර තිබුණි.
එම වීඩියෝ පටය ඔස්සේ විරෝධතාකරුවන් ඇමතූ අග්‍රාමාත්‍යවරයා, මෙවැනි ක්‍රියාවලට වැරදිකරුවන් වන පුද්ගලයන්ට දැඩි දඬුවම් පැමිණවීම සඳහා නව තදබල නීතියක් සම්මත කිරීමට සිය රජය කටයුතු කරන බවට සහතික විය.
“මිත්‍රවරුනි, ප්‍රශ්න පත්‍ර කාන්දු වීමේ සිද්ධිය කුඩා කාරණයක් නොවන බව මා හොඳින්ම දන්නවා. එමගින් ලක්ෂ සංඛ්‍යාත සිසුන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට දැඩි පීඩාවක් සිදුවෙනවා. ඒ අනුව, මෙම සිදුවීම්වලින් පසුව ගතවූ මාස දෙකහමාරක කාලය තුළ පියවර ගණනාවක් ගෙන තිබෙන අතර, ඊට වගකිව යුතු චූදිතයන් අත්අඩංගුවට ගෙන දැනට බන්ධනාගාරගත කර සිටිනවා,” යනුවෙන් අග්‍රාමාත්‍ය මෝදි එම වීඩියෝවේ සඳහන් කළේය.
තවද, “රාත්‍රී කාලයේ පවා නොනවත්වා වෙහෙසෙමින් අදාළ දෙපාර්තමේන්තු විසින් දැනටමත් කෙටුම්පත් යෝජනාවක් මා වෙත ඉදිරිපත් කර තිබෙනවා. වේගවත් අධිකරණ ක්‍රියාවලියක් සහ දැඩි දඬුවම් ඇතුළත් මෙම කෙටුම්පත හෙට දිනයේ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි. අමාත්‍ය මණ්ඩල සගයන්ගේ යෝජනා ද ඊට ඇතුළත් කිරීමෙන් අනතුරුව එය අවසන් කිරීමට නියමිත අතර, ලබන සඳුදා ආරම්භ වන පාර්ලිමේන්තු වාරයේ දෙවන සතියේ සිටම මෙම පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කර හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට උත්සාහ කරනවා,” යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා එමගින් වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, අදාළ වීඩියෝ පටය ඉවත් කර ඇත්තේ වැරදීමකින් බවත්, එය මේ වන විට නැවත යථා තත්ත්වයට පත්කර ඇති බවත් මෙටා සමාගම ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart