
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරයේ ජූලි 5 වැනිදා ප්රචණ්ඩ ක්‍රියා ආරම්භ වීමට සුළු මොහොතකට පෙර අතුරුදහන් වූ එහි රැඳවියන් තිදෙනකු සොයාගන්නා ලෙස බන්ධනාගාරගතවූවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙන් ඉල්ලා සිටී.
මෙසේ අතුරුදහන්වූවන් අතර එක් වරදකරුවකු සහ එක් සැකකරුවකු වන අතර අනෙක් පුද්ගලයාගේ නීතිමය තත්ත්වය අනාවරණය වී නොමැත.
බන්ධනාගාරගතවූවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්යක්ෂ, නීතිඥ සේනක පෙරේරා විසින් ඔවුන් නිශාන්ත ලක්මාල් සිරිනන්ද (වරදකරු), රාජේන්ද්‍ර ඇලන් ඉන්දික (නීතිමය තත්ත්වය නොදන්නා) සහ වෙනිසුවේලානු ජාතික වෝල්කර් ෆ්ලොරෙන්සියෝ මාටිනෙස් නූනෙස් (සැකකරු) ලෙස හඳුනාගෙන ඇත.
සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු වන සේනක පෙරේරා ‘දි අයිලන්ඩ්’ පුවත්පතට පවසා ඇත්තේ, අතුරුදහන්වූවන් සිටින තැනක් සොයාගැනීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ වීමෙන් පසුව, අඟහරුවාදා (28) අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද හමුවේ මෙම අතුරුදහන්වීම් පිළිබඳව කරුණු දැක්වූ බවයි.
ප්රචණ්ඩත්වය හටගත් අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ සිටි පිරිස පිළිබඳ තොරතුරු ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බවට චෝදනා කළ නීතිඥ පෙරේරා මහතා, රජය විසින් බන්ධනාගාර පද්ධතිය පිළිබඳ පූර්ණ සමාලෝචනයක් කළ යුතු බව ප්‍රකාශ කළේය.
නීතිඥ සේනක පෙරේරාට අනුව, නව දිල්ලියේ පිහිටි වෙනිසුවේලානු තානාපති කාර්යාලය මෙරට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුළු බලධාරීන් සම්බන්ධ කර ගැනීමට සමත්වූවත්, එම රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයට ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.
ඊයේ ‘දි අයිලන්ඩ්’ කළ විමසුමකට පිළිතුරු දෙමින් බන්ධනාගාර මෙහෙයුම්, බුද්ධි හා ආරක්ෂක කොමසාරිස් මෙන්ම මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක පවසා ඇත්තේ, රැඳවියන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳව තමන් නොදන්නා බවයි. සැකකරුවන් සහ වරදකරුවන් වන සියලුම රැඳවියන් පිළිබඳ තොරතුරු නිසි පරිදි පවතින බව ඔහු පවසා ඇත. ඔහුට අනුව මීගමුව බන්ධනාගාරයේ දින දෙකක් පුරා පැවැති ප්‍රචණ්ඩකාරී වාතාවරණය අතරතුර බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ සැකකරුවන් 22 දෙනෙකු මියගොස් ඇත.
නීතිඥ සේනක පෙරේරා පවසන්නේ, බන්ධනාගාරගතවූවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් මෙම තත්ත්වය වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, පොලිස්පති, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදහන් කරවීම් පිළිබඳ කාරක සභාව (UN Working Group on Enforced or Involuntary Disappearances), බලහත්කාරී අතුරුදහන්වීම් පිළිබඳ කමිටුව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත දැනුම් දුන් බවයි.
මෙම කරුණ පිළිබඳව විමර්ශනය කිරීමේ වගකීම පාර්ලිමේන්තුව සතු බව සේනක පෙරේරා මහතා අවධාරණය කළේය. ජනතා විමුක්ති පෙරමුණ වසර ගණනාවක් පුරා බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට එරෙහිව දැඩි ලෙස සටන් කළ බවත්, 1971 සහ 80 දශකයේ අගභාගයේ මර්දනකාරී මෙහෙයුම්වලට ලක්වූ පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉක්මනින් හා තීරණාත්මක ලෙස කටයුතු කළ යුතු බවත් පැවසූ නීතිඥ පෙරේරා මහතා, මීගමුව සිදුවීම් විමර්ශනය කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කොමිසම මගින් මෙම බලහත්කාරී අතුරුදහන්වීම් පිළිබඳවද සොයා බැලිය යුතු බව වැඩිදුරටත් පැවසීය.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද එම කමිටුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු (සභාපති), විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජෙනරාල් සහ ජනාධිපති නීතිඥ මිළින්ද ගුණතිලක සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.
මියගිය සහ තුවාල ලැබූ රැඳවියන් සඳහා ප්‍රමාණවත් වන්දි ගෙවන ලෙස බන්ධනාගාරගතවූවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව රජයට බලපෑම් කරන බව පැවසූ නීතිඥ සේනක පෙරේරා, “තම භාරයේ සිටින රැඳවියන්ගේ මරණ සාධාරණීකරණය කිරීමට රජයට කිසිසේත්ම නොහැකියි. ජනතා විමුක්ති පෙරමුණ සෑම විටම මේ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටි අතර, එම පක්ෂය බලයේ සිටින විට එය වෙනස් විය නොහැක” යනුවෙන් සඳහන් කරයි.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart