
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා පිහිටි ජනාධිපති මන්දිර කිහිපයක් සංචාරක ආයෝජන ව්‍යාපෘති සඳහා ලබා දීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ජනාධිපති මන්දිර පහක් දීර්ඝකාලීන පදනම මත බදු දීමට නියමිතය.
සංචාරක ආයෝජන ව්‍යාපෘති සඳහා මෙලෙස දීර්ඝකාලීනව බදු දීම පිණිස බෙන්තොට, කතරගම, මහියංගණය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර යන ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර හඳුනාගෙන ඇත.
ඊයේ (27) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
ජනාධිපතිවරයාගේ නිල රාජකාරි සහ පෞද්ගලික සංචාර සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනාධිපති මන්දිර කිහිපයක් නඩත්තු කර තිබුණද, වත්මන් ජනාධිපතිවරයාගේ කටයුතු සඳහා මෙම දේපොළ භාවිත නොකරන බව රජය සඳහන් කරයි.
රජයට අනුව, මෙම මන්දිර ඉහළ වාස්තු විද්‍යාත්මක හා ආර්ථික වටිනාකමකින් යුක්ත වන අතර, ඒවා පූර්ණ පහසුකම්වලින් සහ ආකර්ෂණීය ලෙස සකස් කළ එළිමහන් පරිසරයකින් සමන්විත වේ.
මෙම දේපොළවල නඩත්තුව, ආරක්ෂාව සහ අනෙකුත් මෙහෙයුම් වියදම් දැනට ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මහජන මුදලින් පියවනු ලබයි.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් සහ මෙම දේපොළ ආර්ථික වශයෙන් ඵලදායී ලෙස භාවිත කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් හඳුනා ගැනීමට පත්කළ කමිටුවේ නිර්දේශ මත පදනම්ව, සංචාරක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ආයෝජකයින් වෙත අදාළ ජනාධිපති මන්දිර දීර්ඝකාලීන පදනම මත බදු දීමටත්, ඒ සඳහා ආයෝජන යෝජනා කැඳවීමටත් රජය තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart