July 29, 2026

“තොර­තු­රට අනුව දැරිය සොයා මම ඒ නිවෙසේ ගරා­ජය දෙසින් නිවෙ­සට ඇතුළු වුණා. එහි පඩි­පෙළ මත දැරි­යක් භාවනා කරන ඉරි­ය­ව්වෙන් ඉඳ­ගෙන හිටියා. බෙඩ්ෂීට් එකක් ඇයගේ ඇඟට දමා තිබුණා. ඒ මිසෙක ඇඟේ ඇඳුම් තිබුණේ නැහැ. පිලි­ස්සුම් ගඳක් එවේලේ දැනුණා. ඒත් පිලි­ස්සු­ම්ව­ලදී සමෙන් පිට­වන ගඳත් එන නිසා එය කුමන ගඳ­ක්දැයි මට නිශ්චි­තව කිව නොහැ­කියි. ගෙල, පපුව, දෑත්, පාද­වල පිලි­ස්සුම් තුවාල වූ බවට මට හඳු­නා­ගත හැකි වුණා. දැරිය මගෙන් වතුර ඉල්ලුවා. ඊට වඩා දෙයක් මට ඇය කිවුවේ නැහැ. ඉන්පස්සේ ඇයව කොළඹ ජාතික රෝහ­ලට රැගෙන ගියා. එහි ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී ඇය මිය­ගොස් තිබුණා. පොලී­සිය ඇය මිය­ගිය පසුව මගෙන් මේ සිද්ධි­යට අදා­ළව කට­උ­ත්තර ගත්තා.”

හිටපු අමාත්‍ය රිෂාඩ් බදි­යු­ර්දීන්ට අයත් කොළඹ බෞද්ධා­ලෝක මාවතේ පිහිටි නිවෙ­ස­කදී 2021 වස­රේදී අබි­ර­හස් අන්ද­මින් මිය­ගිය ඉෂා­ලිනී ජූඩ් කුමාර් (16) දැරි­යගේ මර­ණ­යට අදා­ළව සාක්ෂි දෙමින් සුව­සැ­රිය ප්‍රථ­මා­ධාර නිල­ධා­රිනි අසලි උපේක්ෂා (30) ඊයේ (28) කොළඹ අලු­ත්කඩේ අති­රේක මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ සාක්ෂි දෙමින් එසේ ප්‍රකාශ කළාය. ඒ, අති­රේක මහේ­ස්ත්‍රාත් ලිලාන් වරු­ස­වි­තාන හමුවේ මෙම නඩුව කැඳවූ අව­ස්ථා­වේ­දීය.

සුව­සැ­රිය මඟින් 119 දුර­ක­තන අංක­යට මෙම සිද්ධි­යට අදා­ළව ලැබුණු මුල් ඇම­තු­මට පිළි­තුරු දෙමින් ඉක්ම­නින් කළ යුතු පිලි­ස්සුම් තුවා­ල­කරු නැහැ­වීම ආදී මූලික ප්‍රථ­මා­ධාර පිළි­බඳ දැනුම් දුන් නමුත් තමන් එහි ළඟා­වන විටත් එම පාර්ශ්ව­යෙන් ඒවා අනු­ග­ම­නය කර නොතිබූ බවත් සාක්ෂි­කා­රිය මෙහිදී කියා සිටි­යාය.

මෙම නඩු­වට සාක්ෂි දීම සම්බ­න්ධව පොලී­සිය තමන්ට කිසිම අයුතු බල­පෑ­මක් නොකළ බව­ටත් සාක්ෂි­කා­රිය ප්‍රකාශ කළේ, ගෑස් හේතු­වෙන් ගිනි ඇවි­ළුණු තැනැ­ත්ති­යක් නිවෙ­සක සිටින බවට මෙම සිද්ධි­යට අදාළ මුල් ඇම­තු­මෙන් සුව­සැ­රි­යට දැන ගැනී­මට ලැබුණු බවට සිද්ධිය වූ 2021 වස­රේදී ඇයම පොලී­සි­යට දුන් කට­උ­ත්ත­ර­ය­කට අදා­ළව විත්තියේ නීති­ඥ­ව­රුන්ගේ හරස් ප්‍රශ්න වලට පිළි­තුරු වශ­යෙනි.

සුව­සැ­රි­යට පොදුවේ ලැබෙන සියලු ඇම­තුම් විස්තර පටි­ගත වන හෙයින් මේ සිද්ධිය සම්­බ­න්ධ­වත් එය එසේම වනු ඇති බව­ටත් ඇය විශ්වා­සය පළකළේ, පිලි­ස්සුම් තුවාල මිසෙක ගෑස් හේතු­වෙන් ගිනි ඇවිළී තුවාල වූ තැනැ­ත්ති­යක් පිළි­බඳ මෙම සිද්ධි­යට අදා­ළව මුලින්ම සුව­සැ­රි­යට දුන් ඇම­තුමේ සඳ­හන් නොවූ බවට විත්තියේ නීති­ඥ­ව­රයා කළ යෝජ­නා­වට අදා­ළව ද සාක්ෂි ලබාදෙමිනි.

බාල­ව­ය­ස්කාර දැරි­යක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදි­යු­ර්දීන්ගේ කොළඹ බෞද්ධා­ලෝක මාවතේ පිහිටි නිවෙ­ස­කදී මෙහෙ­කාර සේවයේ යොදාගනි­මින් කෲර­ත්ව­යට පත් කිරීමේ චෝද­නාව යටතේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදි­යු­ර්දීන්ගේ බිරිය වන ශෙයා­බ්දීන් අයේෂා සහ හිටපු ඇමැ­ති­ව­ර­යාගේ මාම­ණ්ඩිය වන මොහි­දීන් ශෙයා­බ්දීන්ට එරෙ­හිව මෙම නඩු පවරා ඇත.

තමන්ට පවරා ඇති විදෙස් ගමන් තහ­නම තාව­කා­ලි­කව ඉවත් කර දෙන ලෙසද සැක­කාර ශෙයා­බ්දීන් අයේෂා වෙනු­වෙන් පෙනීසිටි විත්තියේ නීති­ඥ­වරු ඊයේ අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යහ. ඇය දිය­ණි­යගේ සුව­දුක් බැලී­මට අද (29) විදෙ­ස්ගත වීම ඊට හේතුව ඉදි­රි­පත් කෙරිණි.

ඒ අනුව අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඊට අව­සර ලබා දුන්නේය. මෙම නඩුව නැවත ඔක්තෝ­බර් 21දා කැඳ­වී­මට නිය­මි­තය.(දිනමිණ)