
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැනෙන මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම (street value) තක්සේරු කරන්නේ කෙසේදැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත.
දිවයින පුරා ක්‍රියාත්මක වන ‘රටම එකට’ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරමින්, පොලිස් නිලධාරීන් 2025 ඔක්තෝබර් 30 වැනි දින මෙම වැඩසටහන ආරම්භ කළ තැන් පටන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට ගත් විවිධ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සහ ඒවායේ තක්සේරුගත වටිනාකම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළහ.
එම පැහැදිලි කිරීම අතරතුරදී, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල මුල්‍යමය වටිනාකම තීරණය කරන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් විමසා ඇත.
ඊට පිළිතුරු දෙමින් පොලිසිය පැහැදිලි කර ඇත්තේ, මෙම තක්සේරුව පදනම් වන්නේ විවිධ ප්‍රදේශවල පවතින මත්ද්‍රව්‍යවල වීදි මිල ගණන් මත බවයි.
ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙම මිල ගණන් වෙනස්වන බව පෙන්වාදී ඇති පොලිස් නිලධාරීන්, හෙරොයින් නිදසුනකට ගනිමින් සඳහන් කර ඇත්තේ, ගාල්ල ප්‍රදේශයේ මිලිග්‍රෑම් 70-80 ත් අතර ප්‍රමාණයක් සහිත හෙරොයින් පැකට්ටුවක් රුපියල් 2,000 කට පමණ අලෙවි වන අතර කොළඹ ඇතුළු රටේ අනෙකුත් ප්‍රදේශවල එම මිල ගණන් වෙනස් වන බවයි.
ගාල්ල දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය වැටලීම් 2,607 ක් සිදුකර ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 119 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලීසිය ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ.
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 100 කට වැඩි පිරිසකගේ වත්කම් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් ඉඩම්, වාහන සහ වෙනත් වත්කම් මිලදී ගත්තේ කෙසේද යන්න කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමුකර ඇති බවත් නිලධාරීන් වැඩිදුරටත් පවසා ඇත.(News Wire)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart