July 29, 2026

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘රත්මලානේ සයිමා’ නමැත්තා තවත් සැකකරුවන් දෙදෙනකු සමඟ මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

මැලේසියානු බලධාරීන් විසින් එරටදී සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කාංජිපානි ඉම්රාන්’ගේ සමීපතමයකු ලෙස සැලකෙන ‘රත්මලානේ සයිමා’, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සෘජුවම සම්බන්ධ බවට සැකකෙරේ.