
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිව කිසිසේත්ම තනි නොකරන බවත්, අභියාචනා ක්‍රියාවලිය හරහා ඔහු වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කර ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටී.
අධිකරණයට සැමවිටම ගරු කළ යුතු බවත්, චමින්ද විජේසිරිට අවසානයේ සාධාරණය ඉෂ්ට වනු ඇති බවට තමා විශ්වාස කරන බවත් ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස පැවසීය.
“චමින්ද විජේසිරි කියන්නේ බදුල්ල දිස්ත්‍රික්කයටත්, සමගි ජන බලවේගයටත් විතරක් නෙවෙයි සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටම ශක්තියක් වූ නායකයෙක්. ඔහු තමන්ගේ දේශපාලනික සහ පාර්ලිමේන්තු කටයුතු හරහා ජනතාව වෙනුවෙන් බිය නැතුව බරපතල ප්‍රශ්න ගැන හඬ නැගූ අයෙක්. අපි ඔහු වෙනුවෙන් පෙනීසිටිනවා, වගේම සාධාරණය ඉෂ්ට කිරීමට අධිකරණ පද්ධතිය කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා” යනුවෙන් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අදහස් දැක්වීම සිදුවූයේ බදුල්ල මහාධිකරණය විසින් චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක් නියම කිරීමෙන් අනතුරුවය.
පොලිස් නිලධාරීන්ට නීතිවිරෝධී ලෙස බාධා කිරීම, පහරදී තුවාල සිදුකිරීම සහ තර්ජනය කිරීම යන චෝදනාවලට ඔහු වරදකරු බවට අධිකරණය තීන්දු කළේය.
මෙම නඩුවට හේතු වී ඇත්තේ 2019 වසරේදී බණ්ඩාරවෙල වටරවුම අසලදී පොලිස් ජීප් රථයක් මන්ත්‍රීවරයාගේ වාහනය අභිබවා යෑමට උත්සාහ කිරීමත් සමඟ ඇති වූ ආරවුලකි. එහිදී පොලිස් නිලධාරීන්ට පහර දී තර්ජනය කර ඇති බවට පැමිණිල්ල මගින් චෝදනා කර තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව චමින්ද විජේසිරි වරදකරු කරමින් මහාධිකරණය විසින් මෙම සිරදඬුවම නියම කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart