
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොනරාගල බන්ධනාගාරයේ රඳවා සිටින සිය සැමියා හමුවීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යෑමට තැත්කළ 34 හැවිරිදි ගැබිනි කාන්තාවක මොනරාගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සියඹලාණ්ඩුව, පොතුවිල් පාර, කරඹගොඩයාය ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම සැකකාරිය, බන්ධනාගාරගත සැමියා බැලීමට පැමිණෙන අතරතුර මොනරාගල නගරයේ වෙළෙඳසැලකින් සෙරෙප්පු කුට්ටමක් මිලදී ගෙන ඇත.
අනතුරුව ඇය වෙළෙඳසැලෙන් පිටතට පැමිණ එම සෙරෙප්පු කුට්ටමේ අඩිය ගලවන අයුරු දුටු අයෙකු ඒ පිළිබඳ නගරයේ පිහිටි පොලිස් මුරපොළ වෙත තොරතුරු ලබාදී තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ කාන්තාව පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී ඇගේ අත්බෑගයේ තිබී විදුලි පන්දම් චාජරයක් හමුවී ඇත. එම චාජරය ගලවා පරීක්ෂා කිරීමේදී, සෙරෙප්පුව තුළ සැඟවීමට රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය පාර්සලයක් හමුවී ඇති අතර එහි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12,400ක් තිබී පොලිස් භාරයට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවකට දැනට බන්ධනාගාරගත කර සිටින සිය සැමියාට ලබාදීම සඳහා මෙලෙස මත්ද්‍රව්‍ය රැගෙන ආ බව ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාරිය අනාවරණය කර ඇත.
සැකකාරිය සහ නඩු භාණ්ඩ මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඇය ගැබිනි කාන්තාවක බැවින් අවශ්‍ය වෛද්‍ය සහ සෞඛ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක චමින්ද ද සිල්වා පැවසීය.
මොනරාගල නගර පොලිස් මුරපොළේ උප පොලිස් පරීක්ෂක දයානන්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart