
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන ජාතිකයකුට අයත් රුපියල් මිලියන 20ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පස්දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (27) නියෝග කළේය.
සැකකරුවන් එක් අයෙකු සඳහා රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙලෙස මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන්ට විදේශගමන තහනමක්ද පනවන ලදී.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් අනුද ජනදිත් සමරකෝන් බණ්ඩාර, අජිත් ප්‍රියන්ත, දුෂාන් ශ්‍යාමල්, ප්‍රමිල් කුසල් ගුණදාස සහ වං ක්වින් (Wan Quin) නමැති චීන ජාතිකයකු ද වේ.
සැකකරුවන් මීට පෙරද මෙවැනි ජාවාරම්වල නිරත වී ඇත්දැයි සොයා බැලීම සඳහා ඔවුන්ගේ දුරකථන වාර්තා, බැංකු ගිණුම් ගනුදෙනු සහ ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) ගිණුම් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු සහ කොල්ලකෑම සඳහා යොදාගත් වාහනය සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවද අනාවරණය විය.
අදාළ රුපියල් මිලියන 20ක මුදල ගැන පැවසූ චීන ජාතික පැමිණිලිකරු මේ වන විට දිවයිනෙන් පිටව ගොස් ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබේ.
අදාළ චීන ජාතිකයා විසින් මෙම මුදල උපයා ගත්තේ කෙසේද යන්න පිළිබඳවද පොලීසිය විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart