July 28, 2026

එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති 45 වැනි අන්තර්ජාතික ඉංග්‍රීසි කතා කරන්නන්ගේ විවෘත කතික තරගාවලිය – 2026 (International Public Speaking Competition 2026) හි ලෝක ශූරතාව හිමිකරගත් කොළඹ රාජකීය විද්‍යාලයේ ඕමාර් හසාරි ශිෂ්‍යයා අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ලොව විශාලතම සහ ප්‍රමුඛතම කතික තරගාවලියක් ලෙස සැලකෙන මෙම තරගාවලිය ඉකුත් ජූලි 13 වැනිදා සිට 17 වැනිදා දක්වා රටවල් 45ක ප්‍රබල තරගකරුවන්ගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවරදී පවත්වන ලදී.

එහිදී ඉංග්‍රීසි භාෂාව මව්බස ලෙස භාවිත කරන රටවල් ඇතුළු ප්‍රබල රාජ්‍යයන් රැසක තරගකරුවන් අභිබවා යමින් විශිෂ්ට දක්ෂතා දැක්වීමට ඕමාර් හසාරි සමත් වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම ගෝලීය ජයග්‍රහණය අත්කර දීමට ඔහුට හැකි විය.