
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්‍රීඩා කාර්යසාධන වාහන (SUV) අංශයේ ලියාපදිංචිය ඉහළ යෑමක් පෙන්නුම් කළද, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ලියාපදිංචිය පහත වැටීම හේතුවෙන් පසුගිය ජූනි මාසයේදී මෙරට සමස්ත වාහන ලියාපදිංචිය මන්දගාමී වී ඇති බව JB Securities කොටස් තැරැව්කාර සමාගම පවසයි.
එම සමාගමේ නවතම වාර්තාවට අනුව, මැයි මාසයේදී 62,776ක් ලෙස සටහන් වූ සමස්ත වාහන ලියාපදිංචිය ජූනි මාසයේදී 58,151 දක්වා පහත වැටී ඇත.
කෙසේවෙතත්, වාණිජ වාහන කාණ්ඩ කිහිපයක යම් වර්ධනයක් දක්නට ලැබුණු බවද එහි සඳහන් වේ.
සමස්ත මෝටර් රථ ලියාපදිංචිය මැයි මාසයේ පැවති 4,738 සිට ජූනි මාසයේදී 3,929 දක්වා පහත වැටී ඇත.
නවීන මෝටර් රථ ලියාපදිංචිය ඒකක 998 දක්වා පහත වැටී ඇති අතර, එහි ප්‍රමුඛතාව BYD සන්නාමය (ඒකක 519) හිමිකරගෙන ඇත.
Perodua (160), BAW (108) සහ Kaiyi (56) පිළිවෙළින් මීළඟ ස්ථානවල පසුවේ.
ලියාපදිංචි වූ නවීන රථ අතුරින් 96.6%ක්ම කුඩා මෝටර් රථ වේ.
පාවිච්චි කළ මෝටර් රථ ලියාපදිංචිය ඒකක 2,931 දක්වා අඩුවී ඇති අතර, එහි පෙරමුණ Suzuki සන්නාමයට (ඒකක 987) හිමිව තිබේ.
Toyota (767), Nissan (525) සහ Daihatsu (433) ඊළඟ ස්ථානවල පසුවේ.
අනෙකුත් කාණ්ඩ මන්දගාමී වුවද SUV සහ Crossover රථ ලියාපදිංචිය මැයි මාසයේ පැවති 5,511 සිට ජූනි මාසයේදී 5,933 දක්වා ඉහළ ගොස් ඇත.
මෙහි ප්‍රධාන වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ නවීන SUV රථ ලියාපදිංචියේ වන අතර එය ඒකක 2,580 දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය මාසයේදී Mercedes-Benz, Audi, BMW, සහ Lexus ඇතුළු අධි-සුඛෝපභෝගී වාහන 147ක් ලියාපදිංචි වී ඇති අතර, ඒ අතරට Rolls-Royce Phantom EWB, Bentley Bentayga සහ Ferrari 296 GTB යන මාදිලිවල වාහනද ඇතුළත් වේ.
මෙවැනි වාහන සඳහා ආනයන වටිනාකමින් 200%කට වඩා වැඩි බදු අයකරන බැවින් ඉන් රජයට සැළකිව යුතු ආදායමක් ලැබෙන බව JB Securities වැඩිදුරටත් පෙන්වා දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart