
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජූලි 23 වනදා කොළඹ වරාය නගරයේ (Port City) දී චීන ජාතිකයන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව සිදුවූ චීන ජාතිකයෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර තොරතුරු අනාවරණය කරගෙන ඇත.
පොලිසියට අනුව, මෙම සිදුවීම සිදුව ඇත්තේ අලුයම 3.00 ට පමණ කණ්ඩායම් දෙක අතර ඇති වූ ගැටුමකින් පසුවය.
මෙම ගැටුමෙන් පසුව එක් අයෙකුව පැහැරගෙන ගොස් ඇති අතර, ඔහුගේ මළසිරුර පසුව ඇහැලියගොඩ ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.
එම රාත්‍රියේ වරාය නගරයට ඇතුළු වූ එක් කණ්ඩායමක සාමාජිකයකු ලෙස මියගිය පුද්ගලයා ක්‍රියාකර ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත.
සිද්ධිය වී පැය කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාවෙන් පළායෑමට උත්සාහ කළ චීන ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
විමර්ශකයන් විසින් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් ලෙස ඔවුන්ව හඳුනාගෙන ඇත.
මෙතෙක් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් අටදෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු වන විටත් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇත.
වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් නැවත දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගනිමින් සිටියි.
මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන එයාර් පිස්තෝල (Air pistols) දෙකක්, ජංගම දුරකථනයක්, වෝකි ටෝකියක් සහ වාහන කිහිපයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර තවත් රටවල් කිහිපයක ක්‍රියාත්මක වී ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඝාතනයට ලක්වූ චීන ජාතිකයා පරිගණක ආශ්රිත මූල්‍ය වංචාවල නිරතවෙමින් නීතිවිරෝධී ලෙස මුදල් උපයා ඇති බවට විශ්වාස කරන බව ද පොලිසිය වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart