
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ගැටුමට සම්බන්ධයෙන් රැඳවියන් සිව්දෙනෙකු සැකකරුවන් ලෙස නම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
මීගමුව මහේස්ත්‍රාත් ශිලානි පෙරේරා හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, CID නිලධාරීන් අධිකරණයට පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් සිව්දෙනකු සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති බවයි.
මෙලෙස සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ සුපුන් මධුශංක නොහොත් ‘හීනටියන සුපුන්’, ෂේන් ඩිලාන් සිල්වා, අෂාන් ප්‍රනාන්දු නොහොත් ‘කළු මල්ලි’ සහ සමීර සම්පත් නොහොත් ‘බාබා’ යන අයයි.
ගැටුම සිදුවූ දින මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට අයත් ගිනිඅවි 301 ක් සහ බන්ධනාගාර නිලධාරීන්ට අයත් ගිනිඅවි 70 ක් තිබී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නේය.
එම ගිනිඅවිවලට අදාළ විද්‍යාත්මක සාක්ෂි සම්බන්ධයෙන් රජයේ රසපරීක්ෂකවරයාගේ වාර්තා ලැබෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටින බව ද නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.
සිදුවෙමින් පවතින විමර්ශනයේ කොටසක් ලෙස බන්ධනාගාර නිලධාරීන්, රැඳවියන්, විශේෂ කාර්ය බළකා නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයින් 1,395 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද CID ය අනාවරණය කළේය.
විමර්ශකයන් කළ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ අදාළ සැකකරුවන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. පසුව ඔවුන් අගෝස්තු 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නොයෝග කෙරිණි.
සැකකරුවන් පසුව බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart