
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමාගේ පුත්‍රයා ඇතුළු ඕනෑම තැනැත්තකු වරදක් කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතු බවත්, නමුත් හුදු උපකල්පන මත පදනම්ව පුද්ගලයන්ට චෝදනා නොකළ යුතු බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි.
චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තම පුත්‍රයා වන අනුද බණ්ඩාර ඇතුළු සැකකරුවන් හයදෙනාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දින ඇප ලබාදීමෙන් අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අධිකරණය විසින් මෙහිදී එක් සැකකරුවෙකුට රුපියල් 500,000 ක මුදල් ඇප නියම කළ අතර ඔවුන්ට විදේශගත වීමද තහනම් කෙරිණි.
අධිකරණ ක්‍රියාපටිපාටියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර කියා සිටියේ, තමන්ට අධිකරණය කෙරෙහි පූර්ණ විශ්වාසයක් පවතින බවයි. එමෙන්ම පසුගිය දිනවල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වූ බව පැවසූ ඔහු ඒ පිළිබඳව තම කණගාටුව ද පළ කළේය.
“මගේ පුතා විතරක් නෙවෙයි, ඕනෑම කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ ගැන අපේ කිසිම වෙනසක් නැහැ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
තම පුත්‍රයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිඥවරුන් තමන්ට දැනුම් දුන් බව පැවසූ ශාන්ත බණ්ඩාර, මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විවිධ කෝණවලින් පරීක්ෂණ පැවැත්වීම පිළිබඳවද ප්‍රශංසා කළේය.
“සත්‍යය කවදාහරි ජය ගන්නවා. අද ඒ සත්‍යය ජයගෙන තියෙනවා. අපි අධිකරණයට ගෞරව කරනවා,” යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
වරදක් කළ ඕනෑම අයෙකු නීතිමය විපාකවලට මුහුණ දිය යුතු බවත්, නමුත් හුදු උපකල්පන මත පදනම්ව පුද්ගලයන්ට චෝදනා කිරීම වැරදි බවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම තමන් තවමත් සක්‍රීය දේශපාලනයේ නිරතවීම හේතුවෙන් මෙම සිද්ධියට මෙතරම් විශාල ප්‍රචාරයක් ලබා දීමට ඇතැම් පාර්ශව කටයුතු කළ බව ද ඔහු පවසා සිටියේය.
චීන ජාතිකයෙකුගෙන් රුපියල් මිලියන 20 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා කරමින් අනුද බණ්ඩාර ඇතුළු සැකකරුවන් පසුගිය ජූලි 21 වනදා අත්අඩංගුවට ගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart