
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්පැන් නිෂ්පාදකයන් හට හිමි අපතේ යන මධ්‍යසාර ප්‍රතිශතය 1.5% සිට 0.1% දක්වා අඩු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගත් තීරණයට මෙරට මත්පැන් නිෂ්පාදකයන් සිය විරෝධය පළකර ඇත.
සුරාබදු දෙපාර්තමෙන්තුවේ නව නිවේදනයට අනුව දැනට ශ්‍රී ලංකා රජයට ගෙවන රුපියල් බිලියන 23ක අතිවිශාල බදු මුදලක් ගෙවනු ලබන මෙරට ප්‍රමුඛපෙළේ සමාගම්වලටත් නැවත බදු ගෙවීමට සිදුවීම හේතුවෙන් තවදුරටත් එම සමාගම්වලට සිය නිෂ්පාදන කටයුතු කරගෙන යාම අසීරු වී ඇතැයි එම සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇත.
මත්පැන් නිෂ්පාදනයෙදී මෙන්ම ගබඩා කිරීමේ ක්‍රියාවලියේදී මෙම මධ්‍යසාර වාෂ්පවීමේ සිදුවීම් බහුලව වාර්තා වේ. විශේෂයෙන්ම බෝතල් කිරීමේ යන්ත්‍ර වෙත ස්ප්‍රීතු යොමු කිරීමේදී සහ නවීන යන්ත්‍ර මගින් සිදු කෙරෙන බෝතල් කිරීමෙදීද මෙසේ මධ්‍යසාර වාෂ්පවීම් විශාල වශයෙන් සිදු වේ.
මීට අමතරව රජයේ රසපරීක්ෂකවරයා වෙත මත්පැන් බෝතල් යොමු කිරීමෙදී සුරාබදු දෙපාර්තමෙන්තු නිලධාරීන් විසින් සිය භාරයට ගන්නා මත්පැන් බෝතල් තොගද ගණනය කෙරෙන්නේ මෙම අපතේ යන මධ්‍යසාර ප්‍රතිශතය යටතේ වීම විශේෂත්වයකි.
මෙහිදී සුරාබදු නිලධාරීන් සාම්පල වශයෙන් විශාල මත්පැන් බෝතල ප්‍රමාණයන් ද නිෂ්පාදකයන්ගෙන් ලබාගන්නේ මෙම අපතේ යාම් ලෙසට සටහන් කරනමින් වන අතර, සෑම නිලධාරයෙක්ම ස්ථාන මාරුවන විට අයවිය යුතු බද්දක් ලෙසට එම තොග සටහන් දමා තබීම පිළිබඳවද මත්පැන් නිෂ්පාදකයෝ චෝදනා කරති.
නිෂ්පාදකයන් පවසන්නේ, මෙලෙස ලබාගන්නා සාම්පල සඳහා කිසිදු වාර්තාවක් නොලැබෙන බවත්, නිලධාරීන් රැගෙනයන සාම්පල සඳහා බදු ගෙවීම නිෂ්පාදකහන් හට නොකළ හැක්කක් බවත්ය.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 991 දරණ සුරාබදු නිවේදනය මගින් පසුගිය ජුලි මස 24 වැනිදා මෙම නව සංශෝධිත නිවේදනය නිකුත් කර ඇත.
සත්‍ය වශ්‍යෙන්ම, මෙම අපතේ යාම් සිදු වන්නේ කෙසේද, කුමන කරුණු මතද, එසේ අපතේ යාම් ගණයට වැටෙන්නේ කුමන මත්පැන් බෝතල්ද යන්න නිවැරදිව ගණනය කිරීම මෙන්ම ඒ සඳහා විද්‍යානුකූල පරීක්ෂණයක් සිදුකිරීමද අත්‍යවශ්‍ය බව ඔවුහු සඳහන් කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart