July 27, 2026

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සාමාජිකයන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

කාරණා කිහිපයක් මුල්කර ගනිමින් මෙම තීරණයට එළඹ ඇති අතර, ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අද (2026 ජූලි 27) දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී ඇත.

ඉල්ලා අස්වූ තේරීම් කමිටු සාමාජිකයන් වන්නේ,

ඩී. ඒ. දයාරත්න – හිටපු නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ

කර්නල් එම්. කේ. පී. ජයසේකර – හිටපු ජාතික ක්‍රීඩක

රවි විද්‍යාලංකාර

තේරීම් කමිටු සාමාජිකයන් ඉල්ලා අස්වීමට බලපෑ නිශ්චිත හේතූන් පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරියේදී අනාවරණය කිරීමට නියමිතය.