
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දැඩි ලෙස රෝගාතුර වූ රෝගියකුගේ අන්තිම කැමැත්ත ඉටුකිරීම සඳහා උපකාර වන ලෙස ගායන ශිල්පී දයාන් විතාරණ මහතා මහජනතාවගෙන් සංවේදී ඉල්ලීමක් කරයි.
වසර 20 කට මෙම රෝගී පුද්ගලයාගෙන් වෙන්වූ පැරණි පෙම්වතිය එක්වරක් දැකගැනීම ඔහුගේ කැමැත්ත වී ඇත. ඇය දැනට ඕස්ට්‍රේලියාවේ වෙසෙන බවට විශ්වාස කෙරෙයි.
දයාන් විතාරණ සමඟ ගායන ශිල්පිනී සෙව්වන්දි රණතුංග සහ ප්‍රියානාත් රත්නායක යන පිරිස පසුගියදා අපේක්ෂා රෝහලේ ‘ශාන්තා සෙවණ’ වාට්ටුවේ රෝගීන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ සංගීත වැඩසටහන අතරතුරදී මෙම සිදුවීම සිදුව තිබේ.
දැඩි ලෙස ගිලන්ව සිටියද, අදාළ රෝගියා විසින් නිරංජලා සරෝජිනීගේ ‘ඔබ දැකගැනීමෙන්’ ගීතය සහ දයාන් විතාරණයන්ගේ ‘සිත්තම් කරමින්’ යන ජනප්‍රිය ගීත ගායනා කරන ලෙස ඉල්ලා සිට ඇත. ගීත ගායනා කරන අතරතුර දැඩි ලෙස සංවේදී වූ ඔහු, තමන් ආදරය කළ තැනැත්තිය මීට වසර 20 කට පමණ පෙර තමන්ගෙන් වෙන්ව ගොස් විදේශගත වූ බවත්, ඇය දැනට ඕස්ට්‍රේලියාවේ වෙසෙන බවත් පවසා තිබේ.
තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවිනිශ්චිතතාවයක් පවතින මෙවැනි මොහොතක, ඇයව නැවත වරක් දැකගැනීමට ලැබෙන්නේ නම් එය තමන් ලබන මහත් සතුටක් බව එම රෝගියා ප්‍රකාශ කර ඇත.
මෙම සංවේදී අවස්ථාවේ වීඩියෝ දර්ශන දයාන් විතාරණ සහ සෙව්වන්දි රණතුංග යන ශිල්පීන් විසින් රෝගියාගේ කැමැත්ත සහිතව සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත එක්කර ඇති අතර, මෙම රෝගියා හෝ ඔහුගේ පැරණි පෙම්වතිය හඳුනන යම් අයෙකු සිටී නම් ඔවුන් දෙදෙනා නැවත සම්බන්ධ කර දීමට සහාය වන ලෙස ඉල්ලා සිටිති.
“එයාට එක පාරක් හරි ඇයව දැකගන්න ලැබුණොත් ඒකෙන් එයාට කොච්චර නම් ලොකු සතුටක් ලැබෙයිද” යි පවසන දයාන් විතාරණ, මෙම රෝගියාගේ අවසන් ආශාව ඉටුකිරීමට උපකාර කිරීම මහත් පින්කමක් වන බවද වැඩිදුරටත් සඳහන් කරයි.
පහතින් දැක්වෙන්නේ දයාන් විතාරණ මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සම්පූර්ණ සටහනයි.
“ඔහුට ඇය හමු උනාවේ.
නෙතට නෙත ලං උනාවේ…..
…..
මේ වීඩියෝව පළ කරන්නේ විශේෂ හේතුවක් උඩයි. ඇගේ නෙත ගැටෙන තෙක් මෙය share කරන්න. මේක හරිම සංවේදී කතාවක්.
මහරගම අපේක්ෂා රෝහලේ “ශාන්ත සෙවනේ” නේවාසිකව සිටින අපේ සහෘදයෙක් මාත්, සෙව්වන්දි රණතුංගත්, ප්‍රියනාත් රත්නායකත් ගීත ගයද්දී බොහොම උනන්දුවෙන් නොයෙක් ඉල්ලීම් කරමින් ගීත ශ්‍රවණය කරමින් සිටියත් ඔහු ඇඳෙන් නැගිට ගැනීමට පවා අසීරු තත්ත්වයක සිටින බව අපට වැටහුන අතර, එනමුදු අත උස්සමින් අපිට ප්‍රතිචාර දැක්වූ අතර, ඔහුගේ ඉල්ලීමක් වූයේ නිරංජලා සරෝජිනී ගායනා කරන ‘ඔබ දැක ගැනීමෙන්’ ගීතය සෙව්වන්දි නැගණිය ලවා ගායනා කිරීමත් , මගේ ‘සිත්තම් කරමින්’ ගීතයත් ශ්‍රවණය කිරීමටත් ඔහුට ලොකු ආශාවක් තිබූ අතර, මා එම ගීතය මුලින් ගායනා කළත්, ඉන් අනතුරුව සෙව්වන්දි මේ ගීතය ගායනා කරමින් ඔහුගේ ඇඳ ලඟට ගිය අතර, එහි වීඩියෝවක් මා පටිගත කරමින් සිටි අතර, ඉන් අනතුරුව ඔහුට මා සංගීතයෙන් තොරව ‘සිත්තම් කරමින්’ ගීතය ගායනා කළ අතර, ඔහු එවිට කී කතාව අපේ හදවත ඉතා සංවේදී තැනකට ගෙනා අතර, ඔහු කියා සිටියේ මීට වසර 20කට පමණ ප්‍රථම තම පෙම්වතියගේ ඔහු ඉතා සාමකාමී ලෙස අයින් වූ බවත්, ඇය දැන් ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින බවත්ය. එනමුදු ඔහු පවසා සිටියේ ඔහුට තම ජීවිතයේ අවදානමක් ඇතිවිය හැකි බවත්, සහ ඇත්තෙන්ම අපිත් අපේ ජීවිතවල ආයු කාලය නොදන්නා නිසාය. ඔහු පැවසුවේ ඔහුට මෙම අවස්ථාවේ ඇයව එකම එක වරක්වත් දැකගත හැකිනම්, ඒ ඔහු ලබන ලොකුම සතුට බවය. ඇගේ දුරකථන අංකය සොයාදෙන්නට ඔහුගේ මිතුරන් පොරොන්දු වූ බවත්, එය මතුවට ඉටු වේ යයි සිතන බව ඔහු කියනු නමුදු මේ වීඩියෝව පළ කිරීමෙන් මේ නේවාසිකගත වී සිටින මේ සහෘදයාව හඳුනාගෙන, ඇයව දැකගන්නට ඔහුට හැකි වේ නම්, එය ඔහු ලබන ලොකු සතුටක් වගේම අප කරගන්නා ලොකු පිනක් ද වන හෙයින් සෙව්වන්දි රණතුංග නැගණිය ද මේ ගැන විස්තරයක් ඇගේ මුහුණුපොතේ දමා ඇති අතර මා ද මේ උත්සාහ කරන්නේ ඔහුට ඇය මුණගැසේවා !!! යන ප්‍රාර්ථනයයි. මා එතැනදීත් එය ප්‍රාර්ථනා කළා සේම අදත් එය ප්‍රාර්ථනා කරමි. ඉතින් ඒ සඳහා ඔබ මේ වීඩීයෝ එක share කරලා ඔහුට ඇය සොයා දෙන්න එක වරක් හරි දැකගන්නට.
තෙරුවන් සරණින් ඔහුට නිරෝගි සුවය පතන අතර, ඒ ප්‍රාර්ථනාවත් සමග ඔහුට ඇයව එක වරක්වත් දැකගන්නට හැකි වුවහොත් ඔහුට මොනතරම් සතුටක් ලැබේවිද…ඔහු අපේ ගීත මුමුණමින් ඒ සඳහා දැක්වූ ප්‍රතිචාරද ඉතා ඉහල වන අතර අප සියල්ලම කම්පිතව ඔහුගේ කතාවට සවන් දුන්නෙමු. ඔබට හැකි නම් ඒ වෙනුවෙන් උදව් වන්න. මහා ලොකු පිනක්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart