
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කිසියම් නිශ්චිත කණ්ඩායමක් හෝ පන්තියක් ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේද යන්න පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ප්‍රශ්න කර සිටියි.
හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ හෝ ඔහුගේ පුත්‍රයා සම්බන්ධයෙන් නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරන්නේ නම් තමන් ඒ පිළිබඳව ඉතා සතුටු වන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම ක්‍රියාමාර්ග ඇත්තෙන්ම සාධාරණ ලෙස සිදුවන්නේද නැතහොත් එක්තරා පන්තියක් ආරක්ෂා කිරීමට පමණක් සිදුවන්නේද යන්න ඉදිරියේදී බලාගත හැකි බව සඳහන් කළේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය අදහස් කරන බව චතුරංග අබේසිංහ මෙහිදී තහවුරු කළේය.
අධිකරණයට අදාළ වෙනස්කම් සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අත්‍යවශ්‍ය වන අතර, සෙසු ප්‍රතිසංස්කරණයන් අමාත්‍යාංශ මට්ටමින් සිදුකළ හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ අතර, මෑතකදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කරන ලද මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දැක්වීය.
මන්ත්‍රීවරයා එම ප්‍රකාශ සිදුකළේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී පමණක් යැයි තමන් විශ්වාස නොකරන බවත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අදාළ මන්ත්‍රීවරයාගෙන්ම විමසා සිටිය යුතු බවත් චතුරංග අබේසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart