July 27, 2026

මැදපෙරදිග අර්බුදය දිනෙන් දින උග්‍ර වීම සහ ඊට සාපේක්ෂව ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන් පැන නගින ආර්ථිකමය අභියෝග සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ ඉරාන ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපලේ තෙල් මිල දෛනිකව උච්ඡාවචනය වීම රටවල් රැසකට දැඩි බලපෑම් එල්ල කර ඇති බවයි.

එම තත්වය ඉන්ධන ගනුදෙනු සඳහා දැඩි ලෙස අහිතකර බලපෑම් එල්ල වී ඇති බැවින් තෙල් මිලදී ගැනීම ද බරපතල අර්බුදයකට ලක්ව ඇති බවයි.

ඒ හමුවේ ජාත්‍යන්තර වෙළඳපලේ තෙල් මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට තෙල් මිල සංශෝධනය වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.