
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක (රුපියල් මිලියන 750 කට අධික) විදේශ ණය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාව දැඩි ලෙස විවේචනය කරන එක්සත් ජාතික පක්ෂය, අදාළ මුදල් සොරකම් කළ ආකාරය එම වාර්තාවෙන් හෙළිදරව් කළද, ඊට වගකිව යුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවට චෝදනා කරයි.
ඉරිදා (26) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ, මූල්‍ය අධීක්ෂණය සඳහා වගකිව යුතු ඉහළ පෙළේ නිලධාරීන් ආරක්ෂා කරමින්, මෙම සිදුවීම ‘පද්ධතියේ පවතින දුර්වලතා’ සහ ‘පටිපාටිමය අඩුපාඩු’ ලෙස දැක්වීමට අදාළ වාර්තාව ක්‍රියාකර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුවූ අතපසුවීම් මුල්කරගෙන මධ්‍යම මට්ටමේ නිලධාරීන් සිව්දෙනකුගේ වැඩ තහනම් කර ඇති නමුත්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එරෙහිව චෝදනා නැගී ඇත්තේ ‘සම්බන්ධීකරණ ගැටලු’ ලෙස පමණක් බවත්, මෙය පැහැදිලි ද්විත්ව ප්‍රමිතියක් පෙන්නුම් කරන බවත් එජාපය පෙන්වා දෙයි.
එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය:
– විදේශ සම්පත් දෙපාර්තමේන්තුව භාවිත කර ඇත්තේ යාවත්කාලීන නොකළ පැරණි විද්‍යුත් තැපැල් (Email) පද්ධතියකි. බහු-සාධක සත්‍යාපනය (Multi-factor authentication) නොමැතිකම ඇතුළු සයිබර් ආරක්ෂණ දුර්වලතා පිළිබඳව ස්වාධීන විගණන මඟින් ලබා දුන් අනතුරු ඇඟවීම් ගණනකට ගෙන නොමැත.
– ශ්‍රී ලංකා මහ බැංකුවේ සිට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත රාජ්‍ය ණය කළමනාකරණ වගකීම් පවරාදීමේ පරිවර්තනීය කාලසීමාව තුළ ප්‍රමාණවත් ආරක්ෂණ පියවරයන් ස්ථාපිත කිරීමට රජය අසාර්ථක වී ඇත.
– 2025 නොවැම්බර් සහ 2026 ජනවාරි අතර කාලයේ සිදුවූ මෙම සිදුවීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම රජය විසින් ප්‍රමාද කළ අතර, පරීක්ෂණ පවත්වන බව පවසමින් තොරතුරු හෙළිදරව් කිරීම මඟහැර ඇත.
එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරන්නේ, ඩොලර් මිලියන 2.5 ක මෙම මූල්‍ය හානිය හුදෙක් තාක්ෂණික දෝෂයක් නොව, සමස්ත පාලන පද්ධතියේම අසාර්ථකත්වයක් බවයි.
එසේම මෙම සංක්‍රමණික ක්‍රියාවලිය නිසි ලෙස අධීක්ෂණය කිරීමටත් රාජ්‍ය මුදල් ආරක්ෂා කිරීමටත් අපොහොසත් වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වගකිව යුතු බව ද එම පක්ෂය වැඩිදුරටත් චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart