
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරාය නගරයෙන් චීන ජාතිකයකු පැහැරගෙන ගොස් ඇහැළියගොඩ, කරඳන ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ සිදුවීමත් සමඟ, මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික පරිගණක අපරාධ මාෆියා කල්ලියක නොවිසඳුණු රහස් රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
පොලිස් විමර්ශනවලට අනුව ඝාතනයට ලක්ව ඇත්තේ ‘හාඕ පොන්’ නමැති පරිගණක අපරාධ ජාලයක් මෙහෙයවූ කෝටිපති චීන ජාතිකයෙකි. ඔහු මාස 6ක සිට මෙරට රැඳී සිටිමින්, හැකර්වරුන් ඇතුළු විදේශිකයන් යොදාගනිමින් අන්තර්ජාතික පරිගණක අපරාධවල නිරත වී ඇත.
මියගිය පුද්ගලයා සතුව එකම ඡායාරූප සහිත නාමයන් දෙකකින් යුතු කාම්බෝජ සහ සුරිනාම් රාජ්‍යයන්හි විදේශ ගමන් බලපත්‍ර තිබී ඇති අතර, ඔහු මෙරටට පැමිණ ඇත්තේ කාම්බෝජ ව්‍යාජ ගමන් බලපත්‍රයකිනි.
ඝාතනය පිටුපස ඇත්තේ කප්පම් ගැනීමක් මුල්කරගත් ආරවුලකි. මියගිය අයගේ ජංගම දුරකථනයේ තිබූ රහස් තොරතුරු හරහා ඔහුගේ ගිණුම්වල පැවති ඩොලර් මිලියන ගණනක මුදලක් හුවමාරු කරගැනීම සැකකරුවන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත.
සැකකරුවන් විසින් ඔහුව ඇහැළියගොඩට පැහැරගෙන ගොස් පහරදී දුරකථනය ඉල්ලා ඇති අතර, එය නැති බව පැවසීම නිසා ඔහුව ඝාතනය කර සිරුර කැලෑවක දමා ගල්වලින් වසා තබා ඇත.
ඝාතනයෙන් පසු සැකකරුවන් නැවත වරාය නගරයට පැමිණ දුරකථනය සෙවීමට උත්සාහ කර ඇත. එහිදී ඔවුන් ගැන සැකසිතූ වරාය පොලිසියේ නිලධාරියකු සිය ජංගම දුරකථනයෙන් ලබාගත් ඡායාරූප, පසුව ලැබුණු පැහැරගැනීමේ පැමිණිල්ලත් සමඟ වහාම කටුනායක ගුවන්තොටුපොළ වෙත යොමුකර තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස හඳුනාගත් සැකකරුවන් 07 දෙනා අතුරින් දෙදෙනකු රටින් පළායෑමට සූදානම්ව සිටියදී ඉකුත් 23 වැනිදා අත්අඩංගුවට ගැණිනි.
සැකකරුවන් පැමිණි වෑන් රථයේ තිබී එක් වායු පිස්තෝලයක් සොයාගෙන ඇති අතර, පොරබැදීමේදී මුහුදට වැටී තිබූ අනෙක් වායු පිස්තෝලය සහ මියගිය අයගේ ජංගම දුරකථනය නාවික හමුදා කිමිදුම්කරුවන් ලවා මුහුදෙන් ගොඩගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පැය 48ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමෙන් පසු කොළඹ කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සෙසු සැකකරුවන්ට රටින් පළායෑමට නොහැකි වන සේ ආරක්ෂක පියවර ගෙන ඇති අතර, කොළඹ අපරාධ කොට්ඨාසය සහ චීන තානාපති කාර්යාලය එක්ව වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart