July 25, 2026

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

එහිදී ඔහු පැවසුවේ පළාත් සභා ඡන්ද විමසීම පවත්වන්නේ ද සහ ඒ සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් විමසා සිටින බවයි.

ඡන්ද විමසීමක් පැවැත්වෙන්නේ නම් ඒ සඳහා නියමිත දින මොනවාද යන්න සම්බන්ධයෙන් ද දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු පෙන්වා දුන්නේය.

එම ඉල්ලීම සඳහා දෙමළ සහ මුස්ලිම් සියලු පක්ෂ ඒකරාශී වෙමින් සිටින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා සිංහල හා අනෙකුත් දේශපාලන පක්ෂ ද ඡන්ද විමසීම පැවැත්වෙන දිනයක් සම්බන්ධයෙන් විමසා සිටීමේ සූදානමින් පසුවන බව ද සඳහන් කළේය.