July 26, 2026

මෙම අවස්ථාවේ මෙරට විදේශ ප්‍රතිපත්තිය තිබෙන්නේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවක බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

ඔහු එහිදී අවධාරණය කළේ ඉන්දියාව සහ චීනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන ගැටලුවට වත්මන් ආණ්ඩුව ප්‍රතිචාර දක්වන තුරු විපක්ෂය බලා සිටින බවයි.

”ඉන්දියාව අපි ඉතාමත් ළඟින්ම ආශ්‍රය කරන රට. අපට හැමවෙලාවෙම ප්‍රශ්නයක් තියෙනකොට උදව් කරන රටක් ලෙස ඉන්දියාව ගැන කොයි ආකාරයෙන් ද අපි ඉදිරියට කටයුතු කරන්නේ. ඔවුන් ආරක්ෂාව සම්බන්ධව ලොකු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. කොහොමද අපි රටවල් දෙක සමග එකට කටයුතු කරන්නේ කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි බලාගෙන සිටිනවා කොයි ආකාරයෙන් ද මේ ආණ්ඩුව ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියලා. චීනය සම්බන්ධයෙන් මේ රටේ ආයෝජනය කරලා තිබෙනවා. ණය දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එයාලගේ තියෙන ප්‍රශ්නය අනුව පරීක්ෂණ නැව මේකට අවසර දෙනවද නැද්ද කියලා ඔවුන් බලාගෙන සිටිනවා. ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ විදේශ ප්‍රතිපත්ති‍ය අනුව තීන්දු කරන්න අවශ්‍යයි. අමෙරිකාව බලාගෙන සිටිනවා මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් සහ වෙළඳපළ ප්‍රවේශ ඇති කිරීමට. ඔවුන් දීලා තිබෙන අදහස් අනුව බදු සංශෝධනය කිරීමට. යුරෝපා හවුල සම්බන්ධයෙන් ජී එස් පී එක ජනවාරි මාසයේදී සංශෝධනයට ලක් වෙනවා. මේකෙදී මාර්ගගත ආරක්ෂණ පනත අහෝසි කරන්න ඕනේ කියලා යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. මේක කවදද කරන්නේ කියලා ඔවුන් බලාගෙන සිටිනවා.” යනුවෙන් ඔහු එහිදී අදහස් පළ කළේය.