July 23, 2026

වත්මන් ආණ්ඩුව යටතේ රටේ ජනතාවගේ ගැටලු විසඳී තිබේ දැයි විපක්ෂයෙන් විමසන ජනමාධ්‍ය එය විමසිය යුතු වන්නේ ගැටලු සඳහා සැබෑවට මුහුන දෙන ජනතාවගෙන් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ”පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ලබාදෙන බවට දුන් පොරොන්දු මේවනවිට ඉටු කර තිබේ දැයි ජනමාධ්‍ය විමසිය යුතු වන්නේ ජනතාවගෙන් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

දිට්වා ව්‍යවසනයට මුහුණ දුන් ඉන් පීඩාවට පත් ජනතාවට සහන සැලසී තිබේද සහ නිවාස මෙන්ම උන්හිටි තැන් අහිමි වු ජනතාවට පොරොන්දු වූ පරිදි සහන හිමිවූයේ ද යන්න ජනමාධ්‍ය එම ජනතාවගෙන්ම විමසා බැලිය යුතු බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ යළි ගංවතුර තත්වයක් බලපෑව හොත් මින් පෙර ආපදාවට ලක්වූ ප්‍රදේශ තවදුරටත් ආපදාවට පත් නොවේද වැනි ගැටලු ද එහිදී විමසා බැලිය යුතු බවයි.

පොහොසත් රටක් තුළ පොරොන්දු වූ පරිදි ජනතාවට සුන්දර ලෝකයක් හිමිවී තිබේ ද යන්න ජනමාධ්‍ය විසින්ම විමසා බැලිය යුතු බව ද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.