July 26, 2026

රට ඉදිරියට ගෙන යා යුතු නම් වඩාත් වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ඒ සඳහා අතීතයේ මෙන්ම වර්තමානයේ ද උදාහරණ පවතින බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ පළාත් සභා ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව සහ වත්මන් ආණ්ඩු බලය ගෙන යන ජාතික ජනබලවේගය තවත් වසර ගණනාවක් රට පාලනය කරන බව ඇතැම් අමාත්‍යවරුන් සිදු කරන බව පැවසෙන ප්‍රකාශ සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේදීයි.

හයෙන් පහක බලයක් තබාගෙන සිටි හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මින් පසු ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නොවන බව පැවසූ අතීතයක් පැවති බව ද මන්ත්‍රීවරයා එහිදී සිහිපත් කළේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ වර්තමානයේදී තුනෙන් දෙකක බලයක් සහිතව ආණ්ඩුව ගෙන යන්නේ සියයට 3 ක ජනවරමක් සහිත සිටි පක්ෂයක් බව මතක තබා ගත යුතු බවයි.