July 24, 2026

ඉරානයට යම් හෙයකින් ආයුධ සැපයීමට කටයුතු කළහොත් එය චීනයට ඉතා අහිතකර ප්‍රතිඵල ගෙනදෙනු ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. කෙසේ වෙතත්, චීන රජය එසේ නොකරන බවට තමන් වෙත ප්‍රතිඥා දී ඇති බව ද ඔහු පැවසීය.

බීජිං නුවරදී පැවැති හමුවේදී චීන සමාගම් හරහා පවා ඉරානයට ආයුධ සැපයීමක් හෝ අලෙවි කිරීමක් සිදු නොකරන බවට චීන ජනාධිපති ෂී ජින්පිං තමාට සහතික වූ බව ට්‍රම්ප් මහතා සඳහන් කළේය.

“චීනයේ බීජිං නුවර පැවැති අපගේ හමුවේදී, ජනාධිපති ෂී මට පැවසුවේ කිසිදු තත්ත්වයක් යටතේ ඉරාන ඉස්ලාමීය ජනරජයට ආයුධ ලබාදීමක් හෝ අලෙවි කිරීමක් සිදු නොකරන බවයි. එම ප්‍රකාශයට චීන සමාගම් ද ඇතුළත් වනවා. අපගේ සබඳතාව සැලකිල්ලට ගනිමින් මම ඔහුගේ වචනය විශ්වාස කරන අතර, ම මගින් ද ඔහුට විශාල උපකාර සිදුවන බව මතක් කළ යුතුයි,” යනුවෙන් ට්‍රම්ප් මහතා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

යුක්‍රේනය තුළ පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද තමා වෙත එවැනිම සහතිකයක් ලබා දුන් බවත්, රුසියාව ඉරානයට ආයුධ අලෙවි නොකරන බව තමාට පැවසූ බවත් ට්‍රම්ප් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.