
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුවේට් රාජ්‍යයේ සේවය කර මෑතකදී දිවයිනට පැමිණි සිව්දරු මවක් දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ සිදුවූ දරුණු අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම සිදුවීම වාර්තා වන්නේ දඹුල්ල, කපුවත්ත ප්‍රදේශයෙනි.
ඊයේ (25) සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ දඹුල්ල, කපුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි ඩී.එම්. දිලානී අරෝෂා නමැති කාන්තාවකි.
වසර ගණනාවක් තිස්සේ විදේශගතව සේවය කර පසුගිය ජූලි 08 වන දින මෙරටට පැමිණි ඇය, තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවුණු මාතාවකි.
සිද්ධිය පිළිබඳව අනාවරණය වන තොරතුරුවලට අනුව, උසස් පෙළ අධ්‍යාපනය ලබන තම ලොකු පුතුගේ අපල උපද්‍රවයක් වෙනුවෙන් කතරගම පූජා භූමියේ පැවැත්වීමට නියමිතව තිබූ පූජාවක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට ඇය ඊයේ දිනයේ සිය පුතුන් දෙදෙනා සමඟ නගරයට ගොස් ඇත.
පසුව රාත්‍රී ආහාරය සඳහා අවශ්‍ය කළමනා ලබාගැනීමට නිවස අසල මාර්ගය අයිනේ රැඳී සිටියදී, මාතලේ දෙසින් පැමිණි කුඩා ටිපර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මොවුන් තිදෙනා යටකරගෙන ගොස් තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇගේ වැඩිමහල් පුතු මේ වන විට දඹුල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන අතර, අනෙක් දරුවා සාමාන්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.
දැඩි සත්කාර ඒකකයේ පසුවන දරුවා දීප්තිමත් ක්‍රීඩකයකු මෙන්ම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවෙකි.
අධික වේගය සහ නොසැලකිලිමත් ධාවනය හේතුවෙන් සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දඹුල්ල පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart