
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වයඹදිග පාකිස්ථානයේ පිහිටි ආරක්ෂක පරීක්ෂණ මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පාකිස්ථාන හමුදාව වාර්තා කරයි.
ඇෆ්ගනිස්ථාන දේශසීමාවට ආසන්න, සන්නද්ධ කල්ලිවල ක්‍රියාකාරකම් බහුලව වාර්තා වන මෙම නොසන්සුන් කලාපයේ, පසුගිය රාත්‍රියේ මෙම ප්‍රහාරය සිදුව ඇත. හමුදා පාලනාධිකාරිය සඳහන් කරන පරිදි මියගිය පිරිස අතර පාකිස්ථාන හමුදා නිලධාරීන් 12 දෙනෙකු, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, වන සංරක්ෂණ නිලධාරියෙකු සහ ප්‍රහාරයට පැමිණි සන්නද්ධ තුවක්කුකරුවන් 12 දෙනෙකු සිටිති.
කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ ටෑන්ක් දිස්ත්‍රික්කයේ පිහිටි ආරක්ෂක පරීක්ෂණ මධ්‍යස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ සන්නද්ධ පිරිස, පසුව පුපුරන ද්‍රව්‍ය පිරවූ රථයක් එහි පිටත තාප්පයේ ගැටීමට සැලැස්වීමෙන් මෙම විනාශය සිදුකර ඇත.
2007 වසරේ සිට පාකිස්ථාන රජයට එරෙහිව සටන් වදින ‘පාකිස්ථාන තලේබාන්’ සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, ඒ සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිව්දෙනෙකු සහභාගී වූ බව ප්‍රකාශ කර තිබේ.
ප්‍රහාරයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සෙවීම සඳහා ප්‍රදේශය පුරා මේ වන විට විශේෂ සෙවුම් මෙහෙයුමක් ක්‍රියාත්මකයි. වයඹදිග පාකිස්ථානය පුරා ආරක්ෂක අංශ, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් මෑතක සිට එල්ල වන ප්‍රහාර මාලාවේ තවත් එක් දරුණු අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart