
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු පළාතේ සහ තෝරාගත් අනෙකුත් ප්‍රදේශවල පිළිකා රෝගීන්ට වඩාත් පහසුවෙන් සහ නිවැරදිව පරීක්ෂණ කටයුතු සිදුකර ගැනීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත නවීන පෙට්-ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමට පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය සහාය ඇතිව ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම රෝග විනිශ්චය යන්ත්‍රය ස්ථාපිත කිරීමට නියමිතය.
මේ වන තෙක් මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ පෙට්-ස්කෑන් පහසුකම් පැවැතියේ මහරගම අපේක්ෂා රෝහලේ පමණක් වන අතර, කරාපිටිය ශික්ෂණ රෝහලට මෙම පහසුකම ලැබීමත් සමඟ දකුණු පළාතේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල පිළිකා රෝගීන්ට කොළඹට පැමිණීමකින් තොරව මෙම පරීක්ෂණ සිදුකර ගැනීමට අවස්ථාව හිමිවේ.
මෙමඟින් රෝගීන්ගේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සැලසුම් කිරීම වඩාත් ඉක්මන් වන අතර, මහරගම අපේක්ෂා රෝහලේ පවතින අධික තදබදය සහ පෝලිම් අවම කිරීමටද මෙය පිටිවහලක් වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart