
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලගාරය සඳහා ආනයනය කරන ලද ගල්අඟුරු තොගවල ශුද්ධ කැලරි අගය වෙනස් වීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්ෂි දුන් තාක්ෂණික සාක්ෂිකරුවෙකු ඒ පිළිබඳ නිසි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබේ.
අදාළ ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර බවට සහ එහි තාප ජනන ධාරිතාව නියමිත මට්ටමට වඩා අඩු බවට චෝදනා කරමින් විභාග වන නඩු වාරයේදී මෙම කරුණු අනාවරණය විය.
මෙම සිද්ධියට අදාළව කැඳවන ලද පරීක්ෂණාගාර තාක්ෂණික නිලධාරියාගෙන් විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න අසන ලදී.
එහිදී නැව්ගත කරන අවස්ථාවේ පරීක්ෂණ වාර්තා සහ ශ්‍රී ලංකාවට ළඟා වූ පසු සිදුකළ පරීක්ෂණ වාර්තා අතර ශුද්ධ කැලරි අගයන්හි පවතින පරස්පරතාවන් පිළිබඳව ප්‍රශ්න කෙරිණි.
නමුත් එම වෙනස්වීම් සිදු වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් විද්‍යාත්මක හෝ තාක්ෂණික පදනමකින් යුත් පැහැදිලි කිරීමක් ලබාදීමට අදාළ සාක්ෂිකරු අපොහොසත් වූ බව වාර්තා වේ.
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් ලක්විජය බලගාරයේ විදුලි ජනන ධාරිතාව පහත වැටීම, යන්ත්‍රසූත්‍රවලට හානි සිදුවීම සහ විදුලි බල මණ්ඩලයට අතිවිශාල මූල්‍ය අලාභයක් සිදුවීම සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ සහ අධිකරණ ක්‍රියාමාර්ග සිදුවෙමින් පවතියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart